×

පාකිස්ථානයේ මගී දුම්රියක බෝම්බ පිපිරීමක්; අට දෙනෙකුට තුවාල

අවම විශයෙන් පුද්ගලයන් අට දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.


නිරිතදිග පාකිස්තානයේ බලුකිස්තාන් පළාතේ මගී දුම්රියක(Jaffar Express Bolan) බෝම්බ පිපිරීමක් හේතුවෙන් අවම විශයෙන් පුද්ගලයන් අට දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. 

බෝම්බ පිපිරීම හේතුවෙන් කෝච්චියද පීලි පැන ඇති අතර එම ස්ථානය කඳුකර ප්‍රදේශයක පිහිටා ඇති බැවින් ගලවා ගැනීමේ කණ්ඩායමක් දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බව නියෝජ්‍ය කොමසාරිස් Bolan Aga Samiullah රොයිටර් වෙත වාර්තා කර තිබේ.

ප්‍රහාරයේ වගකීම කිසිවෙකු මේ වන තෙක් භාරගෙන නොමැති අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු වෙමින් පවතින බව පාකිස්ථානු නිල පුවත් වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි