×

ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් දෙදෙනෙකු මරුට, 12 දෙනෙකුට තුවාල

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


ඇෆ්ගනිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අසල සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෑත මාසවල කාබුල් හා අනෙකුත් නාගරික ප්‍රදේශ මෑත මාසවලදී ප්‍රහාරවලට ගොදුරු වී ඇති අතර ඒවායින් සමහරක් ISIL (ISIS) විසින් සිදු කර තිබේ.

රජයේ ගොඩනැගිලි කිහිපයක් සහ විදේශ තානාපති කාර්යාල පිහිටි දැඩි ආරක්ෂිත කලාපයක මෙම පිපිරීම සිදුව ඇති අතර විදේශ කටයුතු අමාත්‍යංශය මේ වන තෙක් තොරතුරු දැක්වීම ප්‍රතික්ෂප කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි