×

ජර්මනියේ සත්වෝද්‍යානයක දරුණු ගින්නක්!

ක්‍රෙෆෙල්ඩ් සූ නම් ඒ සත්වෝද්‍යානයේ හටගත් ගින්නෙන් වඳුරන් සඳහා වෙන් කොට ඇති අභය භූමියක සියළුම සතුන් මරණයට පත්ව තිබේ.


ජර්මනියේ බටහිර කලාපයේ මීට සුළු මොහොතකට පෙර සත්වෝද්‍යානයක දරුණු ගින්නක් හට ගෙන තිබේ.

ක්‍රෙෆෙල්ඩ් සූ නම් ඒ සත්වෝද්‍යානයේ හටගත් ගින්නෙන් වඳුරන් සඳහා වෙන් කොට ඇති අභය භූමියක සියළුම සතුන් මරණයට පත්ව තිබේ.

නව වසරේ ප්‍රීතිය නිමිත්තෙන් බොහෝ ගිනි කෙළි සංදර්ශන ජර්මනියේ පැවති අතර, විවිධ මාධ්‍ය මෙම සිදුවීම එකී ගිනි කෙළි වෙත සම්බන්ධ කිරීමට උත්සාහ කොට තිබිණි.

කෙසේවෙතත්, බලධාරීන් එම පුවත් පිළිබඳ ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටීය.

මිය ගිය සතුන් අතර චිම්පන්සියන්, ඔරන්ඔටං සතුන්, ගොරිල්ලන්, පළතුරු වවුලන් හා විවිධ කුරුලු කාණ්ඩ සිටි බවට වාර්තා වේ.

කෙසේවෙතත් අසල පැවති ගොරිල්ලා ගාර්ඩන් නම් උද්‍යානයට ගින්න පැතිර ගොස් නොමැති බවද බලධාරීහු දන්වා සිටියහ.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැති අතර, විමර්ශන කටයුතු දියත් වෙමින් පවතී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි