යුක්රේනය ඇතුළු රුසියානු තර්ජනය ඇති රටවල් 18 කට ඇමරිකානු ඩොලර් බිලියන 02 ක යුධ මූල්‍යාධාර ලබාදීමට එක්සත් ජනපදය කටයුතු කරන බව වාර්තා වේ.
එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මාධ්‍ය වෙත තහවුරු කර ඇති අන්දමට එරට රාජ්‍ය ලේකම් ඇන්ටන් බ්ලින්කන් මහතා අද (08) දින යුක්රේනය බලා පිටත්ව ඇති අතර, එහිදී මෙම ඩොලර් බිලියන 02 හි යුධ මූල්‍යාධාරය නිවේදනය කර තිබේ.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරන අන්දමට, මෙම යුධ මූල්‍යාධාර දීර්ඝ කාලීන වශයෙන් ලබා දීමට තමා අපේක්ෂා කරන බව එරට ජනපති ජෝ බයිඩන් මහතා කොංග්‍රසය වෙත දැනුම් දී තිබේ.
කෙසේවෙතත්, යුක්රේනයට අමතරව මෙම යුධ ආධාර ලබා දෙන අනෙකුත් රාජ්‍ය මොනවාද යන්න හෝ මෙම අධාර තොගයෙන් යුක්රේනයට කොපමණ මුදලක් ලැබෙනවා ද යන්න රාජ්‍ය දෙපාර්තමේන්තුව අනාවරණය කර නැත.
මීට අමතරවට, බයිඩන් ඇමරිකානු ජනාධිපතිවරයා විසින් අතිරේක ඩොලර් මිලියන 675 ක යුධ ආයුධ යුක්රේනයට ලබා දුන් අතර, රුසියානු-යුක්රේන යුධ තත්ත්වය හමුවේ මේ වන විට ඇමරිකාව විසින් යුක්රේනයට ලබා දී ඇති සමස්ත ආධාර ප්‍රමාණයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 15.2 පමණ වන බව සඳහන්.