×

Galleri රුධිර පරීක්ෂාවක් මගින් පැහැදිලි රෝග ලක්ෂණ නොමැතිව පිළිකා හඳුනා ගැනීමේ නව ක්‍රමවේදයක්

මෙමගින් කල් ඇතිව පිළිකා හඳුනාගනු ලබන බැවින්, ශල්‍යකර්ම සහ ප්‍රතිකාර වඩාත් ඵලදායි වීම සඳහා ප්‍රමාණවත් තරම් කාලයක් ඇති හෙයින් බොහෝ ජීවිත බේරාගත හැකි බව වෛද්‍යවරු බලාපොරොත්තු වේ.


පැහැදිලි රෝග ලක්ෂණ වර්ධනය වීමට පෙර සරල රුධිර පරීක්ෂාවකින් රෝගීන්ගේ පිළිකා වර්ග කිහිපයක් හඳුනාගත හැකි බව අධ්‍යනයකින් අනාවරණය වේ.

Pathfinder අධ්‍යයනය මගින් වයස අවුරුදු 50 සහ ඊට වැඩි වැඩිහිටියන් 6,621කට වැඩි පිරිසකට Galleri රුධිර පරීක්ෂාවට ඉදිරිපත් කළ අතර, එය 92 දෙනෙකු අතර පිළිකාවන් සළකුණු කර ඇත. බොහෝ පිළිකා මුල් අවධියේ පැවති අතර හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් සාමාන්‍යයෙන් පරීක්‍ෂා නොකළ ආකෘති විය. පරීක්ෂණයෙන් පියයුරු, අක්මාව, පෙනහළු සහ මහා බඩවැලේ වැනි පටකවල ඝන ගෙඩි 19 ක් හඳුනාගෙන ඇත, නමුත් එය ඩිම්බකෝෂ සහ අග්න්‍යාශයේ පිළිකා ද හඳුනාගෙන ඇති අතර රෝගීන් වැඩි පිරිසකට හොඳ ප්‍රතිඵලයක් ලබා දීමට මෙවැනි පර්යේෂණ වැදගත් වනු ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.

Galleri පරීක්ෂණය විභව “gamechanger” ලෙස හඳුන්වා ඇති අතර ලබන වසරේ පුද්ගලයින් 165,000 ක් සම්බන්ධ කර ඇති ප්‍රධාන අත්හදා බැලීම් කිරීමට නියමිත බව වාර්තා වේ.


මෙමගින් කල් ඇතිව පිළිකා හඳුනාගනු ලබන බැවින්, ශල්‍යකර්ම සහ ප්‍රතිකාර වඩාත් ඵලදායි වීම සඳහා ප්‍රමාණවත් තරම් කාලයක් ඇති හෙයින් බොහෝ ජීවිත බේරාගත හැකි බව වෛද්‍යවරු බලාපොරොත්තු වේ. නමුත් මීට අදාළ තාක්‍ෂණය තවමත් සංවර්ධනය වෙමින් පවතී. අනාගතයේදී පිළිකා මඟින් පීඩාවට පත් බොහෝ දෙනෙකුට මෙය මහත් අස්වැසිල්ලක් වනු ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි