×

නයිජීරියාව, ලෝකයේ වැඩිම විරැකියා ප්‍රතිශතය සහිත රට ලෙස ලෝක වාර්තාවක් අබියස

නයිජීරියාව අත්‍යන්ත දුගී බවේ (extremely poor) ගිලී සිටින වැඩිම ජනගහනයක් සහිත රට බවට පත් වීමෙන් අනතුරුව දැන් එම මාදිලියේම තවත් ලෝක වාර්තාවක් තැබීමට යයි.


ඒ, ලෝකයේ වැඩිම විරැකියා ප්‍රතිශතයක් සහිත රට ලෙස ය.

මේ වන විටනයිජීරියාවේ ජනගහනයෙන් 2/3කට එක්කෝ රැකියා නැත. නැතිනම් ඔවුන් වැඩ කරන්නේ සතියකට පැය කිහිපයක් පමණකි. බ්ලූම්බර්ග් දර්ශකයට අනුව ලෝකයේ විරැකියාව අතින් කෙන්යාව දෙවැනි වන්නේ නැමීබියාවට පමණි.

විරැකියා ප්‍රතිශතය 33.3%ක් !

බ්ලූම්බර්ග් වාර්තාව, මෙම අත්‍යන්ත දුප්පත්කම දුරැලීම සඳහා නයිජීරියා ජනපති බුහාරි විසින් කරන ලද උත්සාහයන් ද සඳහන් කරයි. නමුත් ඒ උත්සාහයන් සාර්ථක වූයේ මද වශයෙන් බව ද වාර්තාව ඒ සමගම පවසයි.

නයිජීරියානු ජනපති බුහාරිගේ උත්සාහයන් ව්‍යාර්ථ වෙමින් තිබේ.

2020 දෙසැම්බර් මාසයේ සිට මාස 3 ක් ඇතුළත නයිජීරියාවේ විරැකියාව 33.3%ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ බව කෙන්යාවේ National Bureau of Statistics මගින් මාර්තු 15 වැනිදා හෙළිකළේය.

දශකයක් ඇතුළත අසරණම ජනතාවගෙන් 1/4 ක් නයිජීරියානුවන්

ගතවූ වසර 5 ඇතුළත කෙන්යාවේ විරැකියාව සිව් ගුණයකින් වැඩි වී තිබේ. කොරෝනා වෛරස් වසංගතයටත් පෙර ලෝක බැංකුව අනතුරු අඟවා තිබුණේ නයිජීරියාව දශකයක් ඇතුළත ලෝකයේ වඩාත්ම අසරණභාවයට පත් ජනතාවගෙන් 1/4 කගේ නිවහන බවට පත් වනු ඇති බවයි.

ළඟදීම නැමීබියාව පරදවාවි

නයිජීරියාවෙ අති දැවැන්ත ශ්‍රම බලකායක් සිටියි. එය මිලියන 69.7 කි. නමුත් මේ වන විට එයින් තුනෙන් එකක්ම සතියකට පැය කිහිපයකට වඩා රැකියාවක නොයෙදෙති.

මෙම බ්ලූම්බර්ග් වාර්තාව විසින් ලෝකයේ රටවල් 82 ක විරැකියාව සහ ආර්ථිකය විමසුමට ලක් කරයි. දැනට මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ විරැකියාව ප්‍රතිශතය 33.4%ක් වන නැමීබියාවයි. නමුත් නයිජීරියාව ඉක්මනින්ම නැමීබියාව ඉක්මවා ඒ තැන අත්පත් කර ගනු ඇත.

වසර 2050 වන විට ලෝකයේ තෙවැනුව වැඩිම ජනහනයක් සහිත රට නයිජීරියාවයි

නයිජීරියාව වසර 2050 වන විට ලෝකයේ තුන්වැනුවට වැඩිම ජනගහනයක් සිටින රට බවට ද පත්වීමට නියමිත ව තිබෙන්නේ ඉදිරි දශක දෙක ඇතුළත මේ තත්වය තවත් දරුණු අතට හරවමිනි.

Photo: The Daily Moss



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි