×

ඉතියෝපියානු ගුවන් අනතුරේ සුන් බුන් බෙදා දෙයි.

ඉදිරි මාස 6ක් තුළ පැමිණ තම මිය ගිය ඥාතීන්ට අයත්ව තිබූ සුන් බුන් හදුනා ගැනීම සදහා අවස්ථාව ලබා දී තිබේ.


පසුගියදා සිදු වූ ඉතියෝපියානු ගුවන් අනතුරෙන් පසු ඉතිරි වූ ඒ ඒ පුද්ගලයන්ට අයත් වූ භාණ්ඩ, ඒවායේ සුන් බුන් සහ  අළු ඔවුන්ගේ පවුලේවල සාමාජිකයන් අතර බෙදා දෙනු ලැබීය. ඒ අනුව සෑම පවුලකටම ගුවන් මගීන්ට අයත්ව තිබූ භාණ්ඩ වලට අමතරව කිලෝ ග්‍රෑමයක් බර ඇති අළු ප්‍රමාණයක් ලබා දෙනු ඇත.

157 දෙනෙකුට නොසිතූ ලෙස මරණය උරුම කළ මෙම ගුවන් අනතුරෙන් ඉතිරි වූ මෙම අළ සහ සුන් බුන් ඇඩිස් අබාබා හී දී බෙදා දීමේ මධ්‍යස්ථනායක් විවෘත කර ඇත. ඒ අනුව ඉදිරි මාස 6ක් තුළ පැමිණ තම මිය ගිය ඥාතීන්ට අයත්ව තිබූ සුන් බුන් හදුනා ගැනීම සදහා අවස්ථාව ලබා දී තිබේ.

අනතුරින් පසු ලෝකය පුරා රටවල් ගණනාවක් විසින් 737 Max 8 සහ 9 ගුවන් යානා ගුවන් ගත කිරීම අත් හිටුවනු ලැබීය.

ඉතියෝපියානු ප්‍රවාහන අමාත්‍යවරයා පවසන්නේ අනතුරට හේතුව හදුනා ගැනීම සදහා ”සැළකිය යුතු කාලයක් ” ගත වනු ඇති බවයි. මේ අතර මිය ගිය ගුවන් මගීන්ගේ ඥාතීන් වෙත සිය ඩී එන් ඒ DNA සාම්පලයන් ලබා දෙන ලෙසද දන්වා සිටී. අනතුර සිදු වන අවස්ථාවේදී ලෝකය පුරා රටවල් 30කට අධික පිරිසක් ගුවන් යානයේ සිට ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි