×

ගොඩ බස්වන අතරතුරේ මගීන් 136ක් රැගත් ගුවන් යානයක් ගඟට වැටෙයි

බොයිං 737 වර්ගයට අයත් ගුවන් යානයේ කාර්මික දෝෂයක් මීට හේතුව බව අනාවරණය වෙයි.


පසුගිය සිකුරාදා මගීන් 136ක් සහිත ගුවන් යානයක් ඇමරිකාවේ ෆ්ලෝරීඩා හී ගුවන් තොටුපලකට ගොඩ බැස්වීමට දැරූ උත්සහයක් ව්‍යවර්ථ වී එම ගුවන් යානය අසල පිහිටි ශාන්ත ජෝන්ස් ගංගාවට පතිත වී තිබේ.

මියාමි ජාත්‍යන්තර ගුවන් තොටුපල මගින් පාලනය වූ බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් වන මෙම ගුවන් යානය ට සිදු වූ අනතුරෙන් බරපතල හානි සිදු වී නොමැති බව වාර්ථා වේ.පුද්ගලයන් විසිදෙනෙකුට පමණ සුළු තුවාලවලට ප්‍රතිකාර කර තිබේ.
මෙම ගුවන් යානය ගොඩ බැස්වීමට උත්සහා කරන අවස්ථාවේ දැඩි අකුණු සහිත කාල ගුණයක් පැවත ඇත.
මෙම යානය කියුබාවේ ගුවන්තනාමෝ බේ සිට ඇමරිකාවේ ජැක්සන්විල් හි හමුදා කඳවුරක් බලා පියාසර කරමින් තිබිණි.

“අපි හිටි හැටියේම වතුරේ සිටින බවත් වැටහුණා . අපිට හිතා ගන්න බැරි වුණා අපි කොහේ ද ඉන්නේ කියලා, ඒක ගඟක් ද මුහුද ද කියලා හිතා ගන්නත් බැරි වුණා.”

ගුවන් යානයේ එක් ගුවන් මගියෙන් මාධ්‍ය වෙත එසේ පවසා තිබිණි.
කෙසේ වෙතත් බෝයිං 737 වර්ගයේ යානා හේතුවෙන් සිදුවන අනතුරු මේ වන විටද දිගින් දිගටම ලොව විවිධ රටවලට මුහුණ පාන්නට සිදුව තිබෙන අවස්ථාවක මෙම සිදු වීම කෙරෙහිද බරපතල ලෙස අවධානය යොමු වී ඇත. මෙතෙක් 737Max 8 යානා සම්බන්ධව පැමිණිලි පැවති අතර එම වර්ගයේම නැතත් මෙය බෝයිං සමාගමට විසින් නිෂ්පාදිත ගුවන් යානයකි. මෙම අනතුරටද හේතුව ගුවන් යානයේ කාර්මින දෝශයක් බව ඇමරිකානු ජතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි