×

බෝයිං 737 Max යානා යළි නිපදවීම අත්හිටුවයි

.


 

මෑත කාලීනව සිදු වූ අති බිහිසුණූ ගුවන් අනතුරු ද්විත්වයට පසු නැවතත් 2020 ජනවාරි මස ආරම්භ කිරීමට නියමිතව සිටි  737 Max වර්ගයේ ගුවන් යානා නිපදවීම තම ආයතනය විසින් අත්හිටුවීමට තීරණය කළ බව ලොව විශාලතම ගුවන් යානා සැපයීම් සමාගම වන බෝයිං සමාගම පවසයි.

ඉන්දුනීසියානු සහ ඉතියෝපියානු ගුවන් සමාගම් දෙකක් විසින් භාවිත කළ බෝයිං 737 Max වර්ගයේ යානා දෙක අනතුරට ලක් වීමෙන් පසු 300කට අධික පිරිසකට සිය ජීවිත අහිමිව ගියහ. සමාගම මාස 5ක කාලයක් තුළදී මාරාන්තික ගුවන් අනතුරු දෙකකට ලක් වූ 737 Max වර්ගයේ ගුවන් යානාවල මෘදුකාංගය යාවත් කාලීන කිරීමේ කටයුතු අවසන් කර යළි නිෂ්පාදනය අපේක්ෂා කළද එම උත්සහය අසාර්ථක වී ඇත.

බෝයිං 737 Max:

සිදුවී අනතුරුත් සමග ලෝකය පුරා රටවල් විසින් බෝයිං 737 Max ගුවන් යානා භාවිතය ප්‍රතික්ෂේප කරන ලදී. නමුත් බෝයිං ආයතනය මෙම වසර අගභාගයේදී නැවතත් යානා නිෂ්පාදනය අප්ක්ෂාවෙන් සිටි බව වාර්ථා වේ. ඇමරිකානු නියාමනයන්ට අනුව නැවතත් එම වර්ගයේ ගුවන් යානා ගුවන් ගත කිරීමට කාලය අවශ්‍ය වීමේ තීරණයත් සමග බෝයිං ආයතනයට මෙසේ සිය තීරණය වෙනස් කරමින් අදාළ යානා නිෂ්පාදනය අත්හිටුවීමට හේතු වී ඇත.

විශාලතම ඇමරිකානු අපනයන සමාගමක් වන බෝයිං ආයතනය මෙසේ යානා නිපදවීම අත්හිටුවමත් සමග ඇමරිකානු ආර්ථිකයට යම් අයුරක බලපෑමක් ඇති වනු ඇත.

පසුගිය මාර්තු මස ඉතියෝපියාවේ දී සිදු වූ ගුවන් යානා අනතුරත් සමග 737 Max යානා ගුවන් ගත වීම සිදු නොවූ අතර මෙම තීරණයත් සමග ලෝකය පුරා ඇති ගුවන් සමාගම් වලටද 600කට ආසන්න සේවා  ආයතන වලටද අති විශාල බලපෑමක් සිදු වනු ඇති බව අදාළ සමාගම පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි