×

බ්‍රසීලයේ ස්වෛරීභාවය තහවුරු කිරීමට ජර්මානු පිහිට පතන බොල්සොනාරෝ

බ්‍රසීලයේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ දත්ත වාර්තා වලට අනුව ජනවාරි 1 සිට අගෝස්තු 29 දක්වා බ්‍රසීලයේ ලැව්ගිනි ප්‍රතිශතය 77% කින් ඉහළ ගොස් ඇති අතර එය වසරකට පෙර පැවති කාලයට සාපේක්ෂව ඉහල අගයකි.


බ්‍රසීලයේ ස්වෛරීභාවයට සෘජු බලපෑමක් ඇති කිරීමට හේතුවූ ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමේසන් හි ඇතිවූ ලැව්ගිනි සම්බන්ධව පසුගිය සිකුරාදා (30) වන දින ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සමඟ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ පැවසීය.

බ්‍රසීල ජනපති බොල්සොනාරෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ චන්ද්‍රිකා දත්ත වාර්තාකරණයට අනුව ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ බ්‍රසීලය තුළ කැලෑ ගිනි දැනට වසරකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව අඩුවී ඇති බවයි.

කෙසේවෙතත් ඔහුගේ මෙම ප්‍රකාශ සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් එම ට්විටර් පණිවුඩය හරහා ඉදිරිපත් කර තිබුණේ නැත.

බ්‍රසීලයේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ දත්ත වාර්තා වලට අනුව ජනවාරි 1 සිට අගෝස්තු 29 දක්වා බ්‍රසීලයේ ලැව්ගිනි ප්‍රතිශතය 77% කින් ඉහළ ගොස් ඇති අතර එය වසරකට පෙර පැවති කාලයට සාපේක්ෂව ඉහල අගයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි