×

කැලෑ ගිනිබත් වෙද්දී කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට ප්‍රධාන මහජන අධිචෝදක පත්කළ බොල්සොනාරෝ

බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ ප්‍රධාන මහජන අභිචෝදක රාකෙල් ඩොජ් ගේ වසර දෙකක ධූර කාලය අවසන් වීමත් සමඟ ඔගස්ටෝ අරස් එම තනතුරේ පිහිටුවීමට තීරණය කරයි.


බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ බ්‍රහස්පතින්දා (05) දින ප්‍රකාශ කර සිටියේ ප්‍රධාන මහජන අභිචෝදක (නඩුපවරන්නා) රාකෙල් ඩොජ් ගේ වසර දෙකක ධූර කාලය අවසන් වීමත් සමඟ ඔගස්ටෝ අරස් එම තනතුරේ පිහිටුවන බවට තමා තීරණය කළ බවයි.

ඉදිරි සති දෙකක කාලයෙන් පසුව ඩොජ් ගේ ධූර කාලය අවසන් වේ. 

කෙසේවෛතත්, ඔගස්ටෝ අරස්  ප්‍රධාන මහජන අධිචෝදක ධූරයේ පිහිටුවීමට බොල්සනාරෝ ගත් මෙම තීරණය එරට බොහෝ අධිචෝදකවරුන්ගේ අප්‍රසාදයට ලක්වී තිබේ.

පසුගිය කාලවකවානුව තුළ ඇමසන් වැසිවනාන්තරයේ හටගත් ලැව්ගිනි වැළැක්වීමට අසමත්වීම නිසා බ්‍රසීල ජනපති බෙහෙවින් විවේචනයට ලක්වූ අතර, එය රටේ ස්වෛරීභාවයට ද බලපෑම් එල්ල කෙරිණි.  

අරස් ප්‍රධාන මහජන අධිචෝදක තනතුර සඳහා තෝරා ගැනීමට ප්‍රධාන හේතුව වශයෙන් බොල්සනාරෝ පවසා සිටියේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීම පිළිබඳන ඔහු දරන මතය පිළිබඳ තමා තුළ පවතින ප්‍රසාදය බවයි.

බොල්සනාරෝ පවසා සිටියේ සංවර්ධන කටයුතු සඳහා පාරිසරික තත්ත්ව බාධාවක් කර නොගත යුතු බවට අරස් විශ්වාස කරන බවයි. 

බ්‍රසීලයේ 2003 වර්ෂයේ සිට ප්‍රධාන රාජ්‍ය අධිචෝදකවරුන් පත් කර ගැනීමේ ක්‍රමවේදය තුළ පුද්ගලයන් තිදෙනෙකුගේ නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සුදුසුතම පුද්ගලයා තෝරා පත් කර ගනු ලබයි. කෙසේවෙතත් බොල්සොනාරෝ අරස් තෝරා ගැනීම මත මෙම ක්‍රමවේදය උල්ලංඝනය කර ඇති බව පැවසේ. එමෙන්ම මෙවන් තීන්දුවක් ගැනීමට ප්‍රථම සෙනට් සභාවේ අනුමැතිය ලබා ගත යුතු අතර, බොල්සොනාරෝ එවන් අනුමැතියක් ද ලබා ගෙන නොමැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි