×

බ්‍රිතාන්‍යය යළිත් ලොක්ඩවුන් කරයි!

බොරිස් ජොන්සන් එරට වැසියන්ට අනතුරු අඟවමින් ප්‍රකාශ කළේ, ඉදිරි සති කිහිපය ඉතාමත් දුෂ්කර වනු ඇති බවයි.


කොරෝනා වෛරස් වසංගතය තවදුරටත් හේතුවෙන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් එංගලන්තයට යළිත් දැඩි සෞඛ්‍ය සීමා පනවන බව නිවේදනය කරන ලදී. ඒ අනුව එංගලන්ත වැසියන්ට අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නිවෙසින් බැහැරව යෑම තහනම් වේ. මෙම තත්වය පෙබරවරි මස මැද දක්වා බලපැවැත්වෙනු ඇති බව සඳහන්.

බොරිස් ජොන්සන් සිය නිවේදනයේදී එරට වැසියන්ට අනතුරු අඟවමින් ප්‍රකාශ කළේ, ඉදිරි සති කිහිපය ඉතාමත් දුෂ්කර වනු ඇති බවයි.

සියලු පාසල් ඊයේදින සිට වසා දැමුණු අතර සියලු ඉගනීම් ඉගැන්වීම් කටයුතු මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට නියමිතය.

මේ අතර එරට පළමු අවදානම් කණ්ඩායම් හතරට අයත් සියලු පුරවැසියන්ට පෙබරවාරි මස මැද භාගය වන විට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන් කිරීමට නියමිත බව එරට මාධ්‍ය නිවේදනය කර ඇත.

මේ අතර ගත වූ පැය 24 තුළදීත් බ්‍රිතාන්‍ය වැසියන් 58784 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2 713 563 ක් වන අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 75 400කට අධික ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි