×

නව අගමැති බොරිස්ගේ BREXIT යෝජනාවත් පරාජය වෙයි

පාලක පක්ෂයේ 21ක් යෝජනාවට විරුද්ධ වෙයි



ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත් වීම සදහා මෙවර එංගලන්තයේ අගමැති බොරිස් ජොන්සන් විසින් ගෙන ආ යෝජනාව නැවතත් ඊයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පරාජයට පත් විය.

ඊයේ ඡන්දයේදී පාලක කන්සවේටිව් පක්ෂයේ නියෝජිතයන් ද පෙරට වඩා යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කර ඇති බව දක්නට ලැබිණ. ඒ අනුව කන්සවෙටිව් පක්ෂයේ නියෝජිතයින් 21 දෙනෙකු ඊට බ්‍රෙක්සිට් යෝජනාවට එරෙහිව ඡන්දය භාවිතා කර ඇත.

යෝජනාව ගෙන එමින් බොරිස් ජොන්සන් නව අගමැතිවරයා පවසා සිටියේ එය පරාජයට පත් වුවහොත් නැවතත් හදිසි මැතිවරණයක් සදහා යෑමට තමන් සූදානම් බවයි. ඔහු පවසා සිටියේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ මේ සම්බන්ධව එකගත්වයකට පැමිණිය නොහැකිනම් පැහැදිලිවම නව මැතිවරණයකට ගොස් ජනතාවගේ අපේක්ෂාව විමසා බැලීමට තමන් සූදානම් බවයි.
නව මැතිවරණයක් සදහා යෑමට විපක්ෂය වන ලේබර් පක්ෂයේ නායක ජෙරබි කෝබියන් විසින් ද සිය කැමැත්ත ප්‍රකාශ කර සිටී,

මීට ඉහතදීද කීප වතාවක් හිටපු අගමැතිනිය විසින් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය යන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද ඇයද ඉන් පරාජයට පත් විය. අවසානයේ ඇය සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කලේ නව අගමැති වරයෙකු සදහා අවස්ථාව ලබා දෙමිනි. ඒ අනුව පත් වූ නව අගමැතිවරයා වන බොරිස් ජොන්සන් විසින් ද නැවතත් යෝජනාව ඉදිරිපත් කළද මෙවර ඔහුගේ පක්ෂයෙන්ම ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ වී ඇත. මේ සම්බන්ධව මේ වන විට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ අර්බුදයක් නියර්මාණය වෙමින් පවතී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි