×

බොරිස් ජොන්සන් පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගනී, තව අවුරුද්දකට අගමැති!

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ඔහුට අදාළව ඉදිරිපත් වුනු විශ්වාසය පළකිරිමේ යෝජනාවෙන් ජයග්‍රහණය කර තිබේ.


මෙම විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඉදිරිපත් වූයේ එරට පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂයෙන් වන අතර, මීට පක්ෂව ඡන්ද 211 සහ විපක්ෂව ඡන්ද 148 ලැබී ඇති බව සඳහන්.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 59 ක් පක්ෂව හා සියයට 41 ක් විපක්ෂව ලෙස දැක්විය හැකිය.

අග්‍රාමාත්‍යවරයකු ලෙස ධුරයේ රැඳී සිටීමට මෙවන් මත විමසුමකදී පාලක පක්ෂයෙන් පක්ෂව ඡන්ද 180 ක් ලබා ගත යුතු ය. ඒ අනුව වැඩි ඡන්ද 63 කින් ඔහු තම අග්‍රාමාත්‍යධුරය රැක ගැනීමට සමත්ව තිබේ.

එම විශ්වාසය පළ කිරීමේ යෝජනාව ජයගැනීමත් සමඟ තව මාස 12 (අවුරුද්දක) කාලයක් ධුරයේ රැඳී සිටීමට බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට හැකියාව ලැබේ.

කෙසේවෙතත්, මෙමඟින් බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා කෙරේ ඇති ප්‍රසාදයේ සැලකිය යුතු පහළ යාමක් මතුව ඇති බවට දක්නට ලැබේ. ඔහුට විරුද්ධව පළකර ඇති 148 ක ඡන්ද ප්‍රමාණයෙන් බොරිස් ජොන්සන් කෙරේ ඇති බහුතර බලය ක්‍රමයෙන් අඩු වන බවක් විද්‍යමාන වේ.

එය ඔහුගේ පූර්වාගාමියා වන තෙරේසා මේ ට එල්ල වූ අභියෝගයට වඩා බරපතල බව ද සඳහන් වේ.

ඒ සියල්ල එසේ තිබිය දී බ්‍රිතාන්‍යයේ තවමත් නැඹුරුව පවතින්නේ ගතානුගතික දක්ෂිණාංශික පාලනයට බව ද මෙමඟින් පසක් වේ.

බොරිස් ජොන්සන් ට පුටුව රැක ගැනීමට හැකිවෙයි ද? විශ්වාසය පළකිරීම අද!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි