×

බොරිස් ජොන්සන්: රට නරකාදියේ ගිල්වමින් කවටයෙකුට ඔටුණු පැළඳීම

බොරිස් ජොන්සන් පිළිබදව Guardian පුවත් පතේ තීරු ලිපි කතුවරියක වන Hannah Jane Parkinson ගේ තීරු ලිපියක පරිවර්ථනයකි


බොරිස් ජොන්සන් .. ඒ පසුගිය දින කිහිපය පුරාම ලෝකයේ වැඩිම අවධානයක් යොමු වී තිබූ මිනිසාය. එංගලන්යේ අගමැතිවරයා ලෙස අද දිවුරුම් දෙන ඔහුගේ රූඵය දුටු සැණින් මතක් වන අනෙක් පුද්ගලයා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය.

බහුතරයක් ඡණ්දයෙන් අගමැති ධූරයට හිමිකම් කීවද බොරිස් ජොන්සන් ට එංගලන්ත ජනතාවගේ සිහිනය පිරිදි කටයුතු කරන්නට හැකි වෙනු ඇතැයි සිතන්නෝ දුලබය.

ඉතා ඉක්මණින් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ හැකි සීමාව ඉක්මවා විහිළු සපයන්නට බලාපොරොත්තු වන්නකුගේ චරිත ලක්ෂණ ඇති මිනිසෙක් අද එංගලන්තයේ නායකයා බවට පත් වී ඇත. ඔහු හරියටම එංගලන්තයේ සුප්‍රකට ප්‍රහසන නළුවෙකු මෙන්ම රාත්‍රී සමාජ ශාලා හිමි කරුවෙකු වූ  බරනාඩ් මැනින්ගේ විහිළුවක් හා සමානය.

ජොන්සන් පවුලේ සාමාජිකයන් 8000ක් සහ ජෙරමි හන්ට් මග බලා සිටි යදී බොරිස් ජොන්සන් කන්සවේටිවු පක්ෂ නායකයා ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එමෙන්ම එංගලන්තයේ අගමැතිවරයා ලෙසද ඔහු පත් විය. ඒ සමස්ත ජනතාවගෙන් 0.2%ක වැඩි  ප්‍රතිශතයකිනි. එබැවින් එය ජනතාවගේ අනාගත අපේක්ෂාව නොවන්නේ යැයි අපට කිව නොහැකිය.

එය තරමක් අතිවිශේෂිතය.. රටේ නව නායකයා සිය සමාරම්භක කථාව සිදු කරන අවස්ථාවේදී… රටේ ජනතාව තමන් මේ කළේ කුමක්දැයි පුදුම වන්නට පුළුවන. ඔහුගේ සමාරම්භක කථාව පැවැත්නෙ ස්ථානයට පැමිණ සිටින බොහොමයක් එහි සිටිය හැත්තේ තම පා අඩිය අසූචි ගොඩක තබා සිටින තරමේ අකමැත්තෙනි.

බෙහොමයකගේ මුහුණූ පළමු එළිසබත් ගේ මුහුණ මෙන් සුදුපාට වී ඇත. එමෙන්ම හැඩුම්බරය..

ජොන්සන්ගේ කථාව එතරම් දිගු නොවිණ. ඉතා අපහසුම අවස්ථාවේදී ඔහු ”නිදහස් කිරීම” එක්සත් කිරීම ” පරාජය කිරීම වැනි ඔහුගේ මැතිවරණ සටනපාඨ වූ මුත් ඇතැම් විට DUD (“Deliver, Unite, Defeat” ) පඹයා යන අර්ථය ඉස්මතු කළ හැකි නිසා තෝරා ගත් වචන කිහිපය එක දිගට කියවාගෙන යනු ඇත.

ඔහු සිය සටන්පාඨ ලෙස මුල සිට ඉස්මතු කලේ එය නිසා එය තරමක් හෝ හොද එකක් නොවුනත් අපට එය උපහාස වාක්‍ය්‍යක් ලෙස ගත හැකිය. ඉන් පසු ඔහු තවත් වචනයක් සිය කථාව තුළ ඉස්මතු කරන්නේය ඒ “energise” යන්නයි එවිට DUD යන්නට E එකතු වී DUDE නිර්මාණය වේ. ඒ ජේත්තුකාරයා යන අදහසයි. ඒ ඔහුගේ මැතිවරණ සටන් පාඨ විසින්ම සැබෑ බොරිස් ගැන කළ පැහැදිලි කිරීමක් නොවේද?

මට කිසිදිනෙක විනාශ වෙන්නට අවශ්‍ය නැත.. බොරිස් පෙරට වෙනස් සන්නාමයකට යන්නේනම් මම තවත් සිතමි “Dithering වෙව්ලන, Idiot මුග්ධ, Clown කවට, Klutz.” වැනි වචන භාවිතා කළ හැකිය. ඔබ පහත බලන්න බොරිස් ජොන්සන්ට අඩුම තරමේ සිය අත් එකට කර මනා ලෙස අත්පොලසන් දීමට හෝ නොහැකි මිනිසෙකි.

අතට අත දීමට පවා ඔහු දෙවරක් සිතන්නේය
අසාමාන්‍ය ප්‍රතිචාර සහ හැසිරීම්
දෙපා ඇගිලිවලින් සිටගත් ඔහු ගේ කථන විලාසය

මම ඇත්තෙන්ම මට කුමක් කියන්නදැයි නොදනිමි. සිය දේශපාලන කථා වලදී කෙසෙල් ගෙඩි හෝ කොන්ඩම්  ගැන කථා කළ මිනිහෙක්ට මෙවැනි තනතුරකට පත්වීම ගැන මට සැබවින්මෙ නොතේරේ.
ඕනෑම දෙයකට සිදු කරන සම්පූර්ණ සූදානම කඩදාසි කොළයක් පුරා  පුරුෂ ලිංගයක් අදින ආකාරයෙන් සරලව ගන්නා මිනිසෙකුට මෙවැනි තනතුරක් හිමිවීම පිළිබදව සැබවින්ම මට සිතා ගත නොහැකිය.
ජනමාධ්‍ය වේදීන් හට අඩන්තේට්ටම් කළ මිනිසෙකුට මෙවැනි තනතුරක් හිමිවීම පිළිබදව මට තේරුම් ගත නොහැකිය.. වසා දැමුණු විහිළු සාප්පුවකින් විකුණා දැමූ  පෞරුෂය ක් හිමි මිනිසෙක්ට මෙවැනි තනතුරුක් ලැබීම ගැන මට සිතා ගත නොහැකිය.ජාතිවාදියෙක්, නොඉවසිලිවන්ත බොරුකාරයෙක්, මැකියාවෙලී වරදවා කියවා ගත් මිනිසෙක් පිනෝකියෝ වැනි නාසයක් ඇති මිනිසෙක් මෙවැනි තනතුරුකට පත් වීම ගැන මට සිතා ගත නොහැක.

ලන්ඩනයේ මේ මොහොතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 33කි. මිනිසුන් සැබවින්ම කදුලු සළනවාද නැත්නම් ඔවුන්ට දහඩිය දමා ඇතිදැයි යන්න ඔබට නිශ්චිතවම කිව නොහැකිය. අප මෙවර නොකළේ කුමක්ද යන්න අපගෙන් අසනා තෙක්ම අපට කිසිවක් කළ නොහැකිය. ඉතින් අපි සුර්යයාට එරෙහිව ගොස් නිරන්තරයෙන් දැවෙන නිරයට ඇද වැටී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි