×

බ්‍රිතාන්‍ය අගමැති තරගයේ ජය බොරිස් ජොන්සන්ට

ඒ අනුව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පැතුම් ඉටුවී ඇත...


හිටපු අගමැතිනී තෙරේසා මේ සිය ධූරයෙන් යෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණ්‍යත් සමග බ්‍රිතාන්‍ය  අගමැති පුටුව සදහා නම් කිහිපයක් යෝජනා විය. කෙසේ හෝ කන්සවේටිව් පක්ෂයේ නායකත්වය මෙන්ම අගමැති ධූරය සදහාද අවසානයේ තරග වැදුනේ ජෙරමි හන්ට් සහ බොරිස් ජොන්සන්ය.

බොහෝමයක් දෙනාගේ අනාවැකිය වී තිබූ පරිදි අවසන් ප්‍රතිපල වලට අනුව බොරිස් ජොන්සන්ගේ ජයග්‍රහණය මීට සුළු මොහෝතකට පෙර තහවුරු විය. ඔහුට චන්ද 92153ක් ලැබුණු අතර ජෙරමි හන්ට් ලබා ගත්තේ 46656ක් පමණි.

සිය ජයග්‍රාහී කථාවේදී රට එක්සත් කරන්නට මෙන්ම ජෙරමි කෝබියන්ව පරාජය තරන්නට තමන් සූදානම් බව පවසා සිටියේය. අප අපේ රට ශක්තිසම්පන්න කිරීමට සූදානම් බවද පැවසූ ඔහු තෙරේසා මේ හිටපු අගමැතිවරියට මෙන්ම සිය ප්‍රතිවාදියා වූ ජෙරමි හන්ට් හටද සිය ස්තූතිය ප්‍රද කර සියටියේය.

අද දිනයේදීත් තෙරේසා මේ අගමැතිවරිය ලෙස කටයුතු කරනු ඇති අතර හෙට සිට බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ධූර දරනු ඇත.

ජෙරමි හන්ට් තම පරාජය පිළිබදව කණස්සල්ල පළ කළ අතර ඔහු බොරිස් ජොන්සන් වෙත සුබ පැතීය.
කෙසේ වෙතත් මේ මොහොත වන විට අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සිය ධූරයන්ගෙන් ඉවත් වීමට සිය ඉල්ලා අස්වීම් ලබා දී තිබේ. තෙරේසා මේ ගේ පාර්ලිමේන්තුව තුළ අධිකරණ ලේකම් වරයා වූ ඩේවිඩ් ගෝකේ සහ චාන්සලර් පිලිප් හමොන්ඩ් මුල සිටම පවසා සිටියේ බොරිස් ජය ගත හොත් තමන් ඉවත්වන බවයි ඒ අනුව ඩේවිඩ් ගෝකේ සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත.
හිටපු අධ්‍යාපන අමාත්‍ය ඈන් මිල්ටන්ද සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි