×

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා තෛපොංගල් දිනයට සුභපැතුම් එක්කරයි!

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවේ ඉදිරිපෙළ සේවය කරන දමිළ වෛද්‍යවරුන් ට සිය විශේෂ ස්තූතිය ද ඒ මහතා පළ කළේය.


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා තෛපොංගල් දිනයට සුභපැතුම් එක් කර තිබේ.

තම නිල ට්විටර් ගිණුම හරහා වීඩියෝ පටයක් මුදාහරිමින් බ්‍රිතාන්‍යයේ මෙන්ම ලෝක වාසී දමිළ ජනතාවට තෛපොංගල් දිනයට සුභාෂිංසන එක් කළ ඒ මහතා වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට මහත් පරිශ්‍රමයක් දරන සෑම දෙනෙකුටම සිය කෘතඥතාවය පළ කිරීමට ද අමතක නොකළේය.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවේ ඉදිරිපෙළ සේවය කරන දමිළ වෛද්‍යවරුන් ට සිය විශේෂ ස්තූතිය ද ඒ මහතා පළ කළේය.

වසංගත තත්ත්තවය තුළ බොහෝ කටයුතු අඩාල වී ඇති මොහොතක මෙම වසරේ තෛපොංගල් දිනය සිය පවුලේ සියළු දෙනා සමඟ සතුටින් සැමරීමට කටයුතු කරන මෙන් ද ඒ මහතා ඉල්ලා සිටියේය.

එන්නත්කරණ වැඩපිළිවෙල හරහා වසංගත උවදුර ක්‍රමක්‍රමයෙන් දුරලීම සිදුවනු ඇති බවත්, අනාගතයේදී උවදුරු වලින් තොර සමාජයක උත්සවශ්‍රීයෙන් මෙම දිනය සැමරීමට හැකිවනු ඇතැයි තමා ප්‍රාර්ථනා කරන බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි