×

බොරිස් ජොන්සන්ගේ ‘බ්‍රෙක්සිට් ඩීල්‘ නැවතත් පරාදයි

‘‘ලබන සතියේ නැවත උත්සාහ කරනවා‘ - බ්‍රිතාන්‍යයේ ට්‍රම්ප් ලෙස සැලකෙන අගමැති බොරිස් ජොන්සන් කියයි.


අද රැස්වූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව, බ්‍රෙක්සිට් ගනුදෙනුව සඳහා බොරිස් ජොන්සන් හට සහාය පළ කිරීම වෙනුවට, එම යෝජනාව සම්මත කර ගැනීම වළක්වන ඓතිහාසික සංශෝධනයක් සම්මත කළේය.

දේශපාලන විචාරකයන් මෙය හඳුන්වා දෙන්නේ බොරිස් ජොන්සන් හට අත්විඳින්නට සිදුවූ ‘ලැජ්ජාසහගත පරාජයක්‘ ලෙස ය.

කෙසේ නමුත් මෙයින් තමන් පසු නොබසින බව ද , ලබන සතියේ නැවත උත්සාහ කරන බව ද බොරිස් ජොන්සන් පවසයි.

ඔලිවර් ලෙට්වින් (Oliver Letwin) ගේ නායකත්වයෙන් යුක්ත කණ්ඩායමක් විසින් ඉදිරිපත් කළ මෙම සංශෝධය වැඩි ඡන්ද 16 කින් සම්මත විය. එයට පක්ෂව ඡන්ද 322 ක්ද, විපක්ෂව ඡන්ද 306 ක් ද ලැබී තිබිණි. සියලු නෛතික ක්‍රියාමාර්ග සම්පූර්ණ කරන තෙක් සිය සහයෝගය අගමැතිවරයාට ලබා නොදෙන බව පවසමින් සම්මත කර ගත් මෙම සංශෝධනයට නායකත්වය ලබාදුන්නේ ඔලිවර් ලෙට්වින් වන හෙයින්, මෙය ‘ලෙට්වින් සංශෝධනය‘ (Letwin amendment) යනුවෙන් හැඳින්වේ.

දැනට පවතින තත්වය අනුව අගමැති බොරිස් ජොන්සන් විසින් ලබන සතියේ නැවතත් බ්‍රෙක්සිට් සභාගත කළ විට, තවත් සංශෝධනයක් ගෙන එමින් එය අවහිර කිරීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කටයුතු කරනු ඇත. ඇතැම්විට දෙවැනි බ්‍රෙක්සිට් ජනමත විචාරණයක් පැවැත්වීමේ යොජනාවක් දක්වා මෙය දුරදිග යාමට ද ඉඩකඩ තිබේ.

අද දින පරාජයට පත්වීමත් සමග ඔක්තෝබර් 19 වන විට අනිවාර්යයෙන්ම බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බව පැවසූ බොරිස් ජොන්සන් නිරුත්තර වී තිබේ. ඒ අනුව ඔහු විසින් බ්‍රෙක්සිට් සඳහා ඉදිරි දිනයක් ඉල්ලා සිටිමින් යුරෝපා සංගමයෙන් ලිඛිත ඉල්ලීමක් කළ යුතුය. කෙසේ නමුත් බොරිස් ජොන්සන් එක හෙළාම පවසන්නේ තමන් කිසිම අයුරකින් යුරෝපා සංගමය සමග මේ පිළිබඳ සාකච්ඡාවක් නොකරන බවයි.

මේ අතර, බොරිස් ජොන්සන්ට විපක්ෂව කටයුතු කරන පාර්ලිමේන්තු කණ්ඩායම පෙන්වා දෙන්නේ බොරිස් ජොන්සන්ට බ්‍රෙක්සිට් අනුමත කර ගැනීමට අවශ්‍ය නම්, ඔහු බෙන් පනත ( Benn act ) අනුව කටයුතු කළ යුතු බවයි. බෙන් පනත යනුවෙන් හඳුන්වන්නේ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය කැඩී වෙන්වන්නේ නම් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් 2019 අංක 2 පනත (European Union (Withdrawal) (No. 2) Act 2019) වේ.

කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් මෙසේ පවසයි. ‘‘අගමැතිවරයා දැන් නීතියට අනුව කටයුතු කළ යුතුයි. ඔහුගේ ඩීල් එක වෙනුවෙන් මන්ත්‍රීවරුන් බ්ලැක්මේල් කිරීම නතර කළ යුතුයි.“

සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සෙනසුරාදා දිනයන්හිදී රැස්වන්නේ නැත. නමුත් මෙම අවස්ථාවේ වැදගත්කම සලකා බලා පාර්ලිමේන්තුව රැස්කිරීමට කථානායකවරයා කටයුතු කර තිබිණි.

බ්‍රෙක්සිට් ලේකම් කර් ස්ටාමර් (Keir Starmer) පෙන්වා දුන්නේ මේ වන විට බොරිස් ජොන්සන් විසින් සිදුකරන්නට සැලසුම් කරන බ්‍රෙක්සිට් සහ, හිටපු අගමැතිනී තෙරේසා මේ විසින් එකඟ වී තිබූ ගිවිසුම අතර විශාල වෙනස්කම් පවතින බවයි. උදාහරණයක් වශයෙන් බොරිස් ජොන්සන්ගේ බ්‍රෙක්සිට් ඩීල් එක තුළ කම්කරු අයිතිවාසිකම් සඳහා වු නෛතික රක්ෂණයන් අඩංගු වන්නේ නැත.




#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි