×

බ්‍රසීලයේ හිටපු ජනපති ලූලා ද සිල්වා ට නිදහස

ලූලා ද සිල්වා නිදහස් වීමත් සමග බොල්සොනාරෝට එරෙහි බ්‍රසීලයේ වම ශක්තිමත් වනු ඇත.


මාස 18ක කාලයක් සඳහා සිරගත කර සිටි බ්‍රසීලයේ හිටපු ජනපති ලූලාද සිල්වා ඊයේ ඉන් නිදහස ලබා ඇත. ඒ ඔහුගේ ආධාරකරුවන්ගේ ඔල්වරසන්
ජනපති ධූරයේ සිටියදී සිදු කළ දූෂණ හා වංචා සම්බන්ධ චෝදනා මත ඔහුව බ්‍රසීලයේ කුරිබීටා හී බන්ධනාගාරයක රඳවනු ලැබීය.


වැරදි කරුවන් සිරගත කළ යුතුතේ ඔවුන්ගේ අභියාචනා ක්‍රියාවලියෙන්ද පසුව බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කිරීමත් සමග ඔහුද ඇතුළුව සිරකරුවන් දහස් ගණනකට නිදහස හිමි විය.

74 වියැති ලූලාද සිල්වා 2003 වසරේ සිට 2010 දක්වා බ්‍රසීල ජනපති ධූරය දැරීය. අධිකරණයේ වැරදි ඔප්පු කිරීමට පෙර තමා නිර්දෝෂියකු බවට ඔප්පු කරන බව ඔහු පොරොන්දු විය.

ජයර් බොල්සොනාරෝට ජනපති පදවිය ලැබූණ ජනපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් සටන් කිරීමට ලූලා ද සිල්වා සූදානමින් සිටියද ඔහු ට එරෙහි දූෂණ චෝදනා හේතුවෙන් සිර ගත කිරීමත් සමග මැතිවරණය සදහා සහභාගී වීමට වාමාංශික නායක ලූලාද සිල්වා ට නොහැකි විය.
නිදහස ලැබීමත් සමග ජනතාව ඉදිරියේ ලූලා පොරොන්දු වූයේ බොල්සොනාරෝගේ අයහපත් ආර්ථීක ප්‍රථිපත්ති හේතුවෙන් පීඩා විදින ජනතාව වෙනුවෙන් සටන අත් නොහරින බවයි.

කෙසේ වෙතත් ලූලාට ලැබුණ නිදහස ගැන සහතික විය නොහැකිය . සිය චෝදනා වලට එරෙහිව අභියාචනා කර ඒවායින් නිදහස් විය හැකිදැයි කල් තියා කිව නොහැකිය.

කෙසේ වෙතත් ලූලා ද සිල්වා නිදහස් වීමත් සමග බොල්සොනාරෝට එරෙහි බ්‍රසීලයේ වම ශක්තිමත් වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි