×

අන්තිමේදී බොල්සොනාරෝටත් කොරෝනා!

මෙය වෙස්වලාගත් ආශිර්වාදයක් ලෙස සැලකිය යුතුව තිබෙන්නේ, ලොව පුරා එකවර දහස් ගණනින් මිය යන වසංගත තත්ත්වයක් සිය රාජ්‍යයට ද දරුණු අන්දමින් බලපා තිබෙන වාතාවරණයක එය සැහැල්ලුවෙන් තැකීම රාජ්‍ය නායකයකුට කිසිසේත් ම නුසුදුසු වන බැවිනි. 


බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ මහතා හට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

කොරෝනා වෛරසය සඳහා මීට ඉහත තෙවතාවක් පරීක්ෂා කර ගත් ඒ මහතා ඉකුත් සඳු දින සිව්වන වරටත් පරීක්ෂා කර ගෙන තිබෙන්නේ රෝග ලක්ෂණ පහළ වීමෙන් අනතුරුව ය.

බ්‍රසීලය පුරා කොවිඩ් අවදානම දරුණු අන්දමින් ව්‍යාප්තව තිබෙන අතර, එරට ජනපතිවරයා නිතර පැවසූ කරුණක් වන්නේ මෙය කුඩා උණ තත්ත්වයක් බවත් එය බරපතල අන්දමින් තමා ට බල නොපානු ඇති බවත් ය.

මීට ඉහත බොල්සොනාරෝ ලබා දුන් උපදෙස් මත බ්‍රසීලයේ කලාපීය ආණ්ඩුකාරවරුන් පවා ක්‍රියා කර තිබුණේ වසා දැමීමේ (lockdown) රෙගුලාසි ලිහිල් කිරීමට යි.

බ්‍රසීලයේ ආර්ථිකය කඩා වැටීමට විසඳුම් ලෙස මෙසේ වසාදැමීමේ රෙගුලාසි ලිහිල් කිරීමට බොල්සොනාරෝ කටයුතු කර තිබූ අතර, ඊයේ දින වන විට මුහුණු ආවරණ පැළඳීම සම්බන්ධ විධිවිධාන ද ලිහිල් කිරීමට උපදෙස් ලබා දී තිබිණි.

බ්‍රසීලයේ උත්සන්න වන කොරෝනා වසංගත තත්ත්වය තුළ එරට ජනපතිවරයා මෙම තත්ත්වය සැහැල්ලුවට ගෙන තිබූ බවට විවිධ පාර්ශව චෝදනා කර තිබූ අතර, මේ වන විට දෛවයේ සරදමක් මෙන් ඔහුට ද වෛරසය ආසාදනය වී තිබේ.

කෙසේ වෙතත්, තම කොරෝනා තත්ත්වය පිළිබඳ රූපවාහිනී සාකච්ඡාවක දී හෙලිකළ බොල්සොනාරෝ මහතා තම උණ තත්ත්වය ඉතා යහපත් මට්ටමේ පවතින බවද පුන පුනා කීම විශේෂත්වය කි.

බොල්සොනාරෝ මහතා ගේ වයස අවුරුදු 65 කි. එහෙයින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නාමකරණය කළ අධිඅවදානම් වයස් කණ්ඩායම් අතර ඔහු පසුවේ.

මේ වන විට බ්‍රසීලයේ කොරෝනා ආශ්‍රිත මරණයන් තුන් දහසකට අවම මට්ටමේ පැවතියද , ආසාදිතයින් 40,000 පමණ වාර්තා වී තිබේ.

මෙම වාර්තා ඉහළ යාමේ අවදානමක් පිළිබඳ සෞඛ්‍ය විශ්ලේෂකයින් විසින් දැනටමත් අනතුරු අඟවා තිබෙන මොහොතක, බොල්සොනාරෝ මහතා තවමත් විශ්වාස කරන්නේ, රට වසාතැබීම වෛරස ව්‍යාප්තියට වඩා අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්නක් බවයි.

ඒ අනුව, බොහෝ අවස්ථාවන් හීදී වසංගත පාලනයට අදාළ නීති රෙගුලාසි ලිහිල් කළ යුතුය යන ස්ථාවරයේ හෙතෙම පසුවෙයි.

බ්‍රසීල ජනපතිවරයා ට ඉක්මන් සුවය අප ද ප්‍රාර්ථනා කරමු.

කෙසේ වෙතත්, මෙය වෙස්වලාගත් ආශිර්වාදයක් ලෙස සැලකිය යුතුව තිබෙන්නේ, ලොව පුරා එකවර දහස් ගණනින් මිය යන වසංගත තත්ත්වයක් සිය රාජ්‍යයට ද දරුණු අන්දමින් බලපා තිබෙන වාතාවරණයක එය සැහැල්ලුවෙන් තැකීම රාජ්‍ය නායකයකුට කිසිසේත් ම නුසුදුසු වන බැවිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි