×

එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික ගිවිසුමෙන් බ්‍රසීලයත් ඉවත් වේ.

ලෝකය පුරා මිලියන 21.3ක් සරණාගතයින් වාර්ථා වීමත් සමග එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම සංක්‍රමණික ගිවිසුම සදහා පියවර ගන්නා ලදී.


වැඩිවන සංක්‍රමණික සංඛ්‍යාව සීමා කිරීමේ අරමුණ ඇතිව බ්‍රසීලය විසින් එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික ගිවිසුමෙන් ඉවත් වන්නට තීරණය කරන ලදී. මේ අනුව මෙම ගිවිසුම සදහා එක්සත් ජාතීන් සමග එකග නොවන රටවල් සංඛ්‍ය්‍යාව වැඩිවෙමින් පවතින්නේය. විශේෂයෙන්ම මේ වන විට සිරියානු සහ අප්‍රිකානු රටවල සරණාගතයින් යුද්ධය සහ දුගී බව හේතුවෙන් යුරෝපයට සංක්‍රමණය වීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබීමත් සමග මෙම ගිවිසුමෙන් ඉවත් වන රටවල් සංඛ්‍යාව වැඩි වෙමින් පවතී.

බ්‍රසීල විදේශ ඇමති අර්න්ටෝ අරවුජෝ පවසන්නේ මෙවැනි ගිවිසුමකට සියලු රටවල් එකග වී පිලිතුරු සෙවිමට වඩා අවශ්‍ය වන්නේ සෑම රටකටම සිය රට ගැන තීරණ ගැනීමට අයිතියක් තිබිය යුතු බවයි. ලෝකය පුරා මිලියන 21.3ක් සරණාගතයින් වාර්ථා වීමත් සමග එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම සංක්‍රමණික ගිවිසුම සදහා පියවර ගන්නා ලදී.

මෙම ගිවිසුම මගින් සංක්‍රමණිකයන් රැක ගැනීම, ඔවුන්ව හරවා යැවීම සදහා ඔවුන් සමග කටයුතු කිරීම ආදී තත්ත්වයන් සම්බන්ධව පියවර ගෙන තිබූ අතර දක්ෂිණාංශික යුරෝපීය දේශපාලනික බලධාරීන් විසින් මෙම ගිවිසුම විවේචනය කරන ලදී. ඒ එමගින් සිය රටවලට පැමිණෙන පිරිස වැඩි වන බව පවසමිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු සාමාජිකයින් සංඛ්‍යව වන 193 දෙනා මේ සදහා අතරින් බ්‍රසීලයද ඇතුළු 164 දෙනෙකු පමණක් සම්මත කරන ලදී,

නමුත් මේ වන විට බ්‍රසීලයද ඉන් ඉවත් වීමට තීරණය කර ඇත. බ්‍රසීලය පවසන්නේ සිය අසල්වැසි රට වන වෙනිසියුලාවේ සිට පැමිණන සංක්‍රමණිකයන්ට අවස්ථාව ලා දීමට තමන් සූදානම් වුවත් සිය රටේ ප්‍රචාතන්ත්‍රවාදය සුරකක්ෂිත කිරීම මූලික කරුණ වන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි