×

දෛනික කොරෝනා මරණ වලින් ඇමරිකාව අභිබවමින් බ්‍රසීලය ඉදිරියට!

බ්‍රසීලය තුළ මේ වන විට පවත්නා දැඩි සෞඛ්‍ය අර්බුදය විසින් ජනාධිපති බෝල්සනරෝට එරෙහි රැල්ලක් ගොඩනගමින් තිබෙන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ..


Covid 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් දිනකට වැඩි ප්‍රමාණයක් මරණ ඇමරිකාවෙන් වාර්තා වූ අතර පසුගිය දින දෙක තුළම ඇමරිකාව අභිබවමින් එම ලැයිස්තුවේ බ්‍රසීලය ඉදිරියට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව ඊයේ දිනයේදී බ්‍රසීලයේ 1039ක් කොරෝනා වෛරසය අසාදනය වීම නිසා මිය ගොස් ඇත.

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ වාර්තා පෙන්වාදෙන පරිදි එම කාලය තුළ ඇමරිකාවෙන් කොවිඩ් මරණ වාර්තා වී ඇත්තේ 683කි.

පසුගිය 25 වැනිදින බ්‍රසීලයෙන් කොරෝනා මරණ 807ක් වාර්තා වී අතර ඇමරිකාව තුළ එය වාර්තා වන්නේ මරණ 498ක් ලෙසය.

මේ අනුව ගෙවුණු අඟහරුවාදා (26) දිනය වන විට බ්‍රසීලයේ කොවිඩ් Covid 19 මරණ 24512ක් ලෙස වාර්තා වන බවයි විදෙස් වර්තා පෙන්වා දෙන්නේ.

ගෙවුණු පැය 24ක කාලය තුළ බ්‍රසීලයේ නව ආසාදිතයින් 16324ක් වාර්තා වී තිබෙන බවත් ඒ අනුව සමස්ත ආසාදිතයින් 391,222 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

බ්‍රසීලය තුළ මේ වන විට පවත්නා දැඩි සෞඛ්‍ය අර්බුදය විසින් ජනාධිපති බෝල්සනරෝට එරෙහි රැල්ලක් ගොඩනගමින් තිබෙන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි