×

බ්‍රසීල උප ජනාධිපති ට කොවිඩ් ආසාදනය වෙයි

බ්‍රසීල ජනපති බොල්සනාරෝ මුල සිටම කොවිඩ් වසංගතය ඉතා සැහැල්ලුවෙන් තැකූ අතර, ඉකුත් ජූලි මස ඔහුද වෛරස ආසාදිතයකු බවට තහවුරු විය.


බ්‍රසීල උප ජනාධිපති හැමිල්ටන් මොරාවෝ මහතා ට කොවිඩ්-19 ආසාදනය වූ බවට තහවුරු වී තිබේ.

එරට උප ජනාධිපතිවරයා ගේ කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.

මේ වන විට බ්‍රසීලයේ කොවිඩ් ආසාදිත පුද්ගලයින් මිලියන 7.5 සිටින බවට හඳුනා ගෙන ඇති අතර, මරණ සංඛ්‍යාව 191,139 ලෙස සටහන් වේ.

ගතවූ පැය 24 තුළ නව මරණ 344 වාර්තා වූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බ්‍රසීලයේ පාලනාධිකාරිය කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් දැරි ආකල්පය බොහෝ දෙනෙකු ගේ කතා බහට ලක්ව තිබිණි.

එරට ජනපති බොල්සනාරෝ මුල සිටම කොවිඩ් වසංගතය ඉතා සැහැල්ලුවෙන් තැකූ අතර, ඉකුත් ජූලි මස ඔහුද වෛරස ආසාදිතයකු බවට තහවුරු විය.

එරට පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් බොහෝ දෙනෙකු ට වෛරසය ආසාදනය වූ බවට වාර්තා වී තිබිණි.

උප ජනාධිපති මොරාවෝ ජබුරු නගරයේ සිය නිල නිවාසය තුළ නිරෝධායනයට ලක්වන බවට ඉහත නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි