×

ලූලාගෙන් ආගමික නිදහසට ගරු කරන බවට ඡන්ද පොරොන්දුවක්

ඔක්තෝබර් 2 වන දින පළමු වටයේ ඡන්ද විමසීමකින් ලූලා බොල්සොනාරෝව 48%ක ඡන්ද ප්‍රතිශතයකින් පරාජය කළ අතර දෙව වටය ඔක්තෝබර් 30 පැවැත්වේ.


බ්‍රසීලයේ වාමවාදි ජනාධිපති අපේක්ෂක ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා දැඩි කරඟකාරී දෙවන වටයට පෙර ඊයේ(19) දින සාඕ පවුලෝ හෝටලයක එවැන්ජලිස්ත නායකයන් සමඟ පැවති රැස්වීමකදී ප්‍රකාශ කර තිබුණේ තමා ජනාධිපති ධූරය හෙබ වූ 2003-2010 ජනාධිපති ධුර කාලයේ මෙන් තමා විසින් ආගමික නිදහසට ගරු කරන බවයි.


ඔක්තෝබර් 2 වන දින පළමු වටයේ ඡන්ද විමසීමකින් ලූලා බොල්සොනාරෝව 48%ක ඡන්ද ප්‍රතිශතයකින් පරාජය කළ අතර දෙව වටය ඔක්තෝබර් 30 පැවැත්වේ.

බ්‍රසීලයේ එවැන්ජලිස්තවරුන්ගෙන් සහ අනෙකුත් ගතානුගතිකයින්ගෙන් බොහෝ පිටුබලය ලබන අන්ත දක්ෂිනාංශික නායකයාටය. පසුගිය දා බ්‍රසීලයේ කරන ලද මත විමසුමකය අනුව එවැන්ජලිස්තවරුන්ගෙන් 65% ක් පමණ බොල්සොනාරෝට සහය දක්වන අතර, 31% ලූලා සඳහා සහය දක්වන බවට හඳුනා ගෙන ඇත.

බ්‍රසීලයේ මේ වන විට ලූලා තේරී පත් වුවහොත් පල්ලි වැසීමට කුමන්ත්‍රණය කරන බවට චෝදනා කරමින් බොල්සොනාරෝ ආධාරකරුවන්ගෙන් අපහාස ව්‍යාපාරයක් ද දියත් වෙමින් තිබෙන අතර, මේ හේතුවෙන් ලූලා දිගින් දිගටම ප්‍රකාශ කරමින් ඇතිතේ මගේ රජය කිසිම ආකාරයකින් ආගමික නිදහසට එරෙහිව ක්‍රියා කරන්නේ නොමැති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි