×

ට්‍රම්ප්ගේ අවතාරය බ්‍රසීලයෙත් මතුවෙයි!

බ්‍රසීල හිටපු ජනාධිපති යාර් බොල්සරානෝගේ පරාජය බාර ගැනීමට සුදානම් නැති ආධාරකරුවෝ එරට පාර්ලිමේන්තුව, ජනාධිපති මන්දිරය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) ආක්‍රමණය කළහ.


බ්‍රසීල හිටපු ජනාධිපති යාර් බොල්සරානෝගේ පරාජය බාර ගැනීමට සුදානම් නැති ආධාරකරුවෝ එරට පාර්ලිමේන්තුව, ජනාධිපති මන්දිරය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) ආක්‍රමණය කළහ.

නගරයේ ආරක්ෂකයන්ට ආධාරකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ජනාධිපති ලූලා ද සිල්වා ජනවාරි මස 31 දක්වා තත්ත්වය පාලනය කර ගැනීමට ෆෙඩරල් ආරක්ෂක මැදිහත් වීමක් ප්‍රකාශයට පත් කර ඇත.



නගරයේ ප්‍රමාණවත් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක නොවීමෙන් බලධාරීන්ද ආධාරකරුවන්ට සහාය ලබා දී ඇති බවත් හිටපු ජනාධිපති යාර් බොල්සරානෝ මෙයට වගකිව යුතු බවත් ජනාධිපති ලූලා ද සිල්වා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබේ.


ආධාරකරුවන් උමතු නාසීන් ලෙස හැඳින්විය යුතු බවත් ඔවුන් බ්‍රසීල ඉතිහාසයේ මින් පෙර කිසිම දිනක සිදු නොවූ ක්‍රියාවක් සිදු කළ බවත් මෙයට සම්බන්ධ වූ සියලු දෙනා සොයාගෙන දඬුවම් කරන බවත් ජනාධිපති ලූලා ද සිල්වා එම මාධ්‍ය හමුවේදී පවසා ඇත.

රෂිකා හෙන්නායක



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි