×

කොරෝනා අර්බුදය සම්බන්ධයෙන් බොල්සොනාරෝගේ ක්‍රියාපිළිවෙත් නිසා බ්‍රසීලයේ නව සෞඛ්‍ය අමාත්‍යවරයාත් ඉල්ලා අස්වෙයි

ඔහු මාසයක් තුළ එම ධුරයෙන් ඉවත් වන දෙවන සෞඛ්‍ය ඇමතිවරයා වේ. ලුයිස් හෙන්රික් මැන්ඩෙටා අප්‍රේල් මාසයේදී සේවයෙන් පහ කරනු ලැබුවේ ජනාධිපති බොල්සොනාරෝ විසින් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පසුවය.


රටේ උත්සන්න වෙමින් පවතින කොරෝනා වෛරස අර්බුදය සම්බන්ධයෙන් රජය කටයුතු කරන අයුර සම්බන්ධයෙන් ඇති වූ මතභේද හේතුවෙන් බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යවරයා මාසයකට අඩු කාලයක් රැකියාවෙන් ඉල්ලා අස්වී තිබේ.

කෙසේ වෙතත්, ඔහු සිය ඉල්ලා අස්වීමට කිසිදු හේතුවක් නොදැක්වීය. තමාට ඇමතිවරයකු ලෙස සේවය කිරීමට අවස්ථාව ලබා දීම ගැන ඔහු ජනාධිපති බොල්සොනාරෝට ස්තූති කළ අතර සෞඛ්‍ය සේවකයින්ට ප්‍රශංසා කළේය. එහෙත්, වසංගතය සමඟ රජය කටයුතු කර ඇති ආකාරය පිළිබඳ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔහු ජනාධිපතිවරයා සමඟ ගැටුම් ඇති කර ගෙන තිබේ.

ප්‍රතිකාරයක් ලෙස ක්ලෝරෝක්වීන් බහුලව භාවිතා කිරීමේ ජනාධිපතිවරයාගේ කැමැත්තට ඔහු එකඟ නොවීය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ එම ඖෂධය වෛරසයට එරෙහිව ක්‍රියාකාරී වන බවට නිශ්චිත සාක්ෂි නොමැති බවයි. ජිම් සහ රූපලාවණ්‍ය ශාලා නැවත විවෘත කිරීමට ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ විසින් නිකුත් කරන ලද නියෝගයක් සෞඛ්‍ය අමාත්‍ය නෙල්සන් ටීච් විවේචනය කර තිබුණි. බොල්සොනාරෝ මහතා සමඟ එකඟ නොවීම නිසා ඔහුගේ පූර්වගාමියා නෙරපා හරින ලද බව වාර්තා වේ.

ඔහු මාසයක් තුළ එම ධුරයෙන් ඉවත් වන දෙවන සෞඛ්‍ය ඇමතිවරයා වේ. ලුයිස් හෙන්රික් මැන්ඩෙටා අප්‍රේල් මාසයේදී සේවයෙන් පහ කරනු ලැබුවේ ජනාධිපති බොල්සොනාරෝ විසින් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පසුවය. එක් සෞඛ්‍ය ඇමතිවරයකු අහිමි වීම අමුතු දෙයක් වූ නමුත් මාසයකට අඩු කාලයකදී දෙදෙනෙකු අහිමි වීම ජෙයාර් බොල්සොනාරෝට අපහසුතාවයක් ගෙන දෙනවා පමණක් නොව බ්‍රසීල වැසියන්ද ඒ ගැන දැඩි කනස්සල්ලට පත්ව සිටී.

අන්ත දක්ෂිනාංශික ජනාධිපතිවරයා දිගින් දිගටම අගුලු දැමීමේ පියවරයන්ට විරුද්ධ ය. ඔහු වෛරසය “සුළු උණක්” ලෙස සුළු කොට කතා කර ඇති අතර කෝවිඩ් -19 පැතිරීම නොවැළැක්විය හැකි බවත් පවසා තිබේ.

බ්‍රසීලය මේවන විට 218,000 කට වඩා වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර පසුගිය පැය 24 තුළ පමණක් 15,305 ක් වාර්තා වී ඇත. නවතම දෛනික සංඛ්‍යාලේඛන මගින් නව මරණ 824 ක් වාර්තා වී ඇති අතර, නිල මරණ සංඛ්‍යාව 14,817 ක් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි