සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා මොළයේ මතුපිට රුධිර වහනය වීම හේතුවෙන් හදිසියේ ශල්‍යකර්මයකට බඳුන් කර ඇති බව බ්‍රසීලයේ Sao Paulo හි Sirio-Libanes රෝහලේ වෛද්‍යවරු නිවේදනය කර තිබේ.
පසුගිය ඔක්තෝම්බර් මස අගදී නිවසේ වැටීමෙන් ඇති වූ සෞඛ්‍ය ගැටලුවලට ප්‍රතිකාර කිරීම අතරතුර මෙම තත්වය පැනනැගී ඇති අතර සැත්කමෙන් පසු බ්‍රසීල නායකයා පැය 48ක පමණ කාලයක් දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටීමට නියමිතව තිබේ.
කෙසේ නමුත් ජනාධිපතිගේ වෛද්‍ය රොබර්ටෝ කලීල් ජනාධිපතිවරයාගේ තත්වය වඩාත් යහපත් වෙමින් පවතින බව වාර්තා කර ඇත.
ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා මේවන විට සිය ජනාධිපති ධූර කාලයෙන් අඩක් පමණ ගෙවා ඇති අතර ලූලා, බ්‍රසීලයේ සිටින වයස්ගතම ජනාධිපතිවරයා ලෙස සැලකේ.