×

Breaking News: කාබුල් ගුවන් තොටුපොළ තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක්

කාබුල් ගුවන් තොටුපොළට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට දැවැන්ත අවදානමක් පවතින බව ප්‍රකාශයට පත් වී පැය කිහිපයක් ඇතුළත එහි පිපිරුමක් සිදුව තිබේ.


BBC පුවත් සේවය පවසන්නේ මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවයි.

පිපිරීමෙන් සිදුවූ ජීවිත හානි හෝ තුවාළ ලත් සංඛ්‍යාවන් ගැන තොරතුරු තවම හෙළි වී නැත.

ඇමරිකානු වාර්තාවලට අනුව පිපිරීමෙන් හානියට පත් වූ අය ඇෆ්ගන් ජාතිකයන් ය.

කාබුල් ගුවන් තොටුපොළ හෙවත් හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිපිරීමක් සිදුව ඇති බව පෙන්ටගනයේ මාධ්‍ය ලේකම් ජෝන් කර්බි ට්විටර් සටහනක් මගින් සනාථ කරයි.

වැඩි විස්තර සඳහා රැඳී සිටින්න.

පෙර ලිපිය

දහස් ගණනකගේ ජීවිත අවදානම් – කාබුල් ගුවන් තොටුපොළේ IS ප්‍රහාරය පිළිබඳ අවදානම ‘දරුණු‘ අතට

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි