×

Breaking News: කොවිඩ් ආසාදිතයන් ගණන මිලියනය පනියි, මරණ ගණන 51,639

මෙයට සුළු මොහොතකට පෙර BBC පුවත් සේවය වාර්තා කළේ මේ මොහොත වන විට තහවුරු කර ගත් කොවිඩ්-19 ගෝලීය ආසාදන සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇති බවයි.


තවද මෙයට පැය කිහිපයකට පෙර 50,000 සීමාව යන්තමින් ඉක්වමා තිබූ ගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 51,639 ක් බවට පත්ව ඇති බව ද ගෝලීය කොරෝනා වසංගතයේ නිල සංඛ්‍යා ලේඛන සජීවී ව යාවත්කාලීන කරන ‘වර්ල්ඩොමීටර්‘වෙබ් අඩවිය (https://www.worldometers.info/coronavirus/) වාර්තා කරයි.

එයට අනුව මරණ සංඛ්‍යාව 51,000 ඉක්මවා ඇත විටදී රෝගය වැළඳී සුවපත් වූ සංඛ්‍යාව 210,555 කි.

මේ අනුව රෝගයට ගොදුරු වී සුවපත් වීමේ සම්භාවිතාව මේ වන විට පවතින්නේ 4.48%ක සීමාවේ ය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි