×

Breaking News: බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩි සත්කාර ඒකකයට

කොවිඩ්-19 හේතුවෙන් රෝහල්ගත කළ බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය බොරිස් ජොන්සන්, දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.


බ්‍රිතාන්‍යයේ විශිෂ්ටතම වෛද්‍ය කණ්ඩායමක් ඔහුගේ ජීවිතය බේරාගැනීමේ සටනට එක්ව සිටින බවයි, වාර්තා වන්නේ.

මෙයට පැය 6කට පමණ පෙර ද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ තත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවයි. ඒ අනුව අගමැතිවරයා සුපුරුදු පරිදි රෝහලේ සිට ට්ටීව් කිරීම ආදී කටයුතුවල යෙදී සිටියේය.

නමුත් හදිසියේම ඔහුගේ තත්වය නරක අතට හැරී ඇති බව අගමැති කාර්යාලය ප්‍රකාශ කරයි.

මේ අනුව ලන්ඩනයේ ශ්‍රීමත් තෝමස් රෝහලේ දැඩි සත්කාර ඒකකය (ICU) ඇතුළත් කිරීමෙන් පසුව 55 හැවිරිදි බොරිස් ජොන්සන් අගමැතිවරයාගේ ධුරයේ කටයුතු හසුරවනු ඇත්තේ විදේශ කටයුතු ලේකම් ඩොමිනික් රාබ් විසිනි.

අත්‍යාවශ්‍ය අවස්ථාවලදී තමන්ව නියෝජනය කරන ලෙසට බොරිස් ජොන්සන් විසින්, ඩොමිනික් රාබ් හට උපදෙස් ලබා දී ඇති බව ද වාර්තා වේ.

පෙර ලිපි

බොරිස් ජොන්සන් රෝහල්ගත කරයි

බොරිස් ජොන්සන්ගේ සහකාරියටත් කොවිඩ්-19 වැළඳෙයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි