BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

Breaking News: ටෙනිස් ශූර නොවැක් ජොකොවික් පිටුවහල් කරන්න නියෝග!

ලෝක ටෙනිස් ශූර නොවැක් ජොකොවික්ගේ අභියාචනය අද දින විභාග වූ අතර ඔහුව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ යුතු බවට එහිදී තීන්දු විය.

ෆෙඩරල් අධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු එහිදී තීරණය කළේ මහජන සුබසිද්ධිය යන පදනම යටතේ ඔහුගේ වීසා අවලංගු වන බව ය.

ඒ අනුව අධිකරණය මෙහිදී ඔස්ට්‍රේලියානු විගමන අමාත්‍ය ඇලෙක්ස් හෝක්ගේ තීරණයට එකඟ වෙයි.

කෝවිඩ් වැක්සින් එකක් හෝ ගෙන නොතිබීම මෙන්ම, වීසා අයදුම්පතේ ඔස්ට්‍රේලියාවට පැමිණීමට දින 14 කට පෙර කිසිදු සංචාරයක නොයෙදුණු බවට සාවද්‍ය තොරතුරු අඩංගු කර තිබීම ද ඔහුගේ වීසා අයදුම්පත ප්‍රතික්ෂේප වීමට හේතු වී තිබිණි.

මෙම තීන්දුවත් සමග රටෙන් පිටුවහල් කරන තෙක් ඔහු මෙල්බන් හි රැඳවුම් මධ්‍යස්ථානයක තබා ගනු ඇත.

ලෝකයේ අංක 1 ටෙනිස් ශූරයා, හෙට දිනයේ එනම් සඳුදා දින ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පළමු වටය සඳහා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටියේය.

පුරා දින 11 ක් මුළුල්‌ලේ ජාත්‍යන්තර ශීර්ෂ පාඨ මැවූ නොවැක් සිද්ධිය මේ අනුව අවසන් වන්නේ, 21 වැනි Grand Slam ලෝක ටෙනිස් ශූරතාවය දිනා ගැනීමේ සිහිනය බොඳ කර දමමිනි.

අධිකරණ තීරණයට ගරු කරන නමුත්, තමන් අතිශයින්ම අපේක්ෂා සුන් වූ තත්වයකට පත් වූ බවත්, විවේකයක් ගැනීමට කල්පනා කරන බවත් ඔහු කියා තිබේ.

 

පෙර ලිපි

ටෙනිස් ශූර නොවැක් ජොකොවික් රැඳවුම් භාරයට – නඩුව හෙට

ටෙනිස් ශූර නොවැක් ජොකොවික් පිටුවහල් කිරීමට එරෙහිව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණයෙන් නියෝගයක්!


TV එකේ හිටියට කමක් නෑ – මූණ වහගනිල්ලා! – නවතම තලෙයිබාන් නියෝගය

රුසියාවට එරෙහි පළමු යුධ අපරාධ නඩුවේදී 21 හැවිරිදි සොල්දාදුවා සමාව අයැදිමින් ජීවිතාන්තය දක්වා හිරේට..

පුටින් අසනීපයෙන්! – යුක්රේන ආක්‍රමණය අවසිහියෙන් ගත් තීරණයක්!

IMF ණය ගත්තත් – පාකිස්ථානයත් බංකොළොත් – ලංකාව ගැන කුමන කතා ද?

40 වසරකට පසු Voyage සමඟින් ABBA සජීවී වේදිකාවේ ත්‍රිමාණ සජීවීකරණ ගමන අරඹයි!

රුසියාව, ෆින්ලන්තයට ලයිට් කපයි!

ඉන්ධන හතර ගුණයකින් ඉහල ගිය නයිජීරියාව

පිලිපීනයේ ජනාධිපතිවරණය

error: Content is protected !!
error: Content is protected !!