×

ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ සැකකරු තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරයි

ක්‍රයිස්චර්ච් නඩු විභාගය නවසිලන්තය තුළ සිදු වූ ත්‍රස්තවාදය සම්බන්ධ පළමු නඩු විභාගයයි.


පසුගිය මාර්තු 15 දින නවසිලන්තයේ ක්‍රයිස්චර්ච් හී මුස්ලිම් පල්ලි දෙකක් තුළ සිදු කළ වෙඩි ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු බ්‍රෙන්ටන් ටැරන්ට් විසින් තමන්ට එරෙහි සියළු චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මෙම ප්‍රහාරයේදී පුද්ගලයින් පුද්ගලයින් 51 දෙනෙක් ඝාතනයට ලක් වූ අතර ප්‍රහාරය සිදු කෙරෙන අතර තුර ෆේස්බුක් මාධ්‍යජාලය තුළ වීඩියෝවක් මුදාහැරීමට ඔහු විසින් කටයුතු කර තිබිණි.

ඔහු විසින් තමන් මෙම චෝදනා වලට වරද කරු නොවන බවට ආයාචනය කර සිටියේ සිර මැදිරියේ සිට සිදු කළ වීඩියෝවක් ඔස්සේය. ඔහුගේ නීතිඥ වරයා විසින් ඔහු නිවැරදි කරු බවට ප්‍රකාශය සිදු කරන අතර තුරු ඔහු නිහඩව එම ප්‍රකාශය අනුමත කරන අයුරු මෙම වීඩියෝවේ දැක ගත හැකි වෙයි.

ක්‍රයිස්චර්ච් සම්බන්ධ නඩු විභාගය නවසිලන්තය තුළ සිදු වූ ත්‍රස්තවාදය සම්බන්ධ පළමු නඩු විභාගයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි