×

2032 ඔලිම්පික් උළෙලේ නිල සත්කාරකත්වය ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරට

2032 වසරේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය දිනා ගැනීමට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය සමත් වී තිබෙනවා.


2032 ඔලිම්පික් උළෙලේ නිල සත්කාරකත්වය ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරට හිමි වූ බව අද දින නිල වශයෙන් නිවේදනය කෙරිණි. ඒ අනුව 2032 පැරාලිම්පික් උළෙලේ සත්කාරකත්වය හිමි වන්නේ ද බ්‍රිස්බේන් නුවරට ය.

තෝකියෝ නුවරදී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් මේ බව නිවේදනය කෙරිණි.

මෙම බ්‍රිස්බේන් ලංසුව සඳහා කිසිදු විරෝධතාවයක් ඉදිරිපත් නොවීම ද විශේෂත්වයකි. කටාර්, ජර්මනිය, හංගේරියාව වැනි රටවල් ද මේ සඳහා ලංසු ඉදිරිපත් කර තිබිණි. නමුත් ඒ සියල්ල නව ක්‍රමයක් යටතේ ප්‍රතික්ෂේප විය.

ඔස්ට්‍රේලියාව විසින් මීට පෙර අවස්ථා 2 කදී ඔලිම්පික් නිල සත්කාරකත්වය හිමි කර ගෙන තිබේ. ඒ, 1956 වසරේ පැවති මෙල්බන් ඔලිම්පික් උළෙල සහ, 2000 වසරේ පැවති සිඩ්නි ඔලිම්පික් උළෙලයි. බ්‍රිස්බේන් නුවරට මෙය හිමිවන්නේ ඔස්ට්‍රේලියාවේ 3 වන වතාව වශයෙනි.

2032 ඔලිම්පික් උළෙලට අනුව පැරාලිම්පික් ‍උළෙලේ සත්කාරකත්වයද බ්‍රිස්බේන් නගරයට හිමි වේ.

ඔලිම්පික් නිල සත්කාරකත්වය හිමි කර ගැනීම රටකට ආශිර්වාදයක් මෙන්ම ශාපයක් ද විය හැකිය. එයට හොඳම නිදසුන ග්‍රීසියයි. 2004 වසරේ පැවැත්වූ ඇතන්ස් ඔලිම්පික් උළෙල නිසා ග්‍රීසිය ණය බරෙන් විනාශ විය.

එතැන් පටන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව, ඔලිම්පික් තරග සඳහා සත්කාරක රටවල් සිදුකරන ක්‍රීඩාංගන සහ ඔලිම්පික් ගම්මාන වැනි නව ඉදිකිරීම්වල අනාගතය ගැන ද සැලකිලිමත් වෙති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි