×

චීනයේ දිනකට කොවිඩ් ආසාදිතයන් මිලියනයක් හා මරණ 5000ක් ඉක්මවයි ?

මේ සම්බන්ධයෙන් චීන රජය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඇති අතර, ඔවුන් මේ වන විට නිල වශයෙන් කොවිඩ් රෝගීන්හා මරණ සම්බන්ධ තොරතුරු වසන් කරන තත්වයක් දක්නට ලැබෙයි.


චීනයේ ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය ඉවත් කිරීමත් සමඟ රට පුරා කොවිඩ් ආසාදිතයන් දෛනිකව මිලියනයකට අධික සංඛාවක් හා කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ 5000ක් සිදුවන බවට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය දත්ත සමාගමක් වන එයාර්ෆිනිටි ඇස්තමේන්තු කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් චීන රජය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඇති අතර, ඔවුන් මේ වන විට නිල වශයෙන් කොවිඩ් රෝගීන්හා මරණ සම්බන්ධ තොරතුරු වසන් කරන තත්වයක් දක්නට ලැබෙයි. කොසේ නමුත් රජය විසින් නිවේදනය කර තිබුණේ ජනවාරි 8 වනදා සිට සංචාරකයින් සඳහා නිරෝධායනය නීතිද ඉවත් කරනු ඇති බව පැවසේ.

ඒ අනුව වසර තුනකට ආසන්න සංවෘත දේශසීමා වලින් පසු, 2023 වසරේ දී රැකියා සහ අධ්‍යයන වීසා ඇති අයට චීනයට පැමිණ සිය ආදරණීයන් බැලීමේ අවස්ථාව හිමි වේ. ඒ අනුව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව නිවේදනය කර තිබුණේ විදේශිකයන් හා විදේශයන්හි සිට පැමිණෙන්නන් වෙනුවෙන් නිරෝධායනය අවලංගු කරන බවයි.

කෙසේ නමුත් චීනයේ නිල නොවන වාර්තා පවසන්නේ රෝහල් පිරී ඉතිරී ගොස් ඇති අතර වයෝවෘද්ධ පුද්ගලයින් විශාල වශයෙන් මිය යන බවයි. ඒ අනුව චීනයේ කොවිඩ් රෝගීන් උච්චතම අවස්ථාව වන විට දේශසීමා නැවත විවෘත කිරීම පිළිබඳව බොහෝ දෙනා අන්තර්ජාලය හරහා කනස්සල්ල පළ කර ඇත.

වසංගතය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ජනාධිපතිවරයා දැඩි ස්ථානයකට පත් කර ඇති බව විශ්ලේෂකයෝ පවසති. කොවිඩ් සීමා ඉවත් කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ෂී ජින්පින්ගේ ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියට එරෙහි විරෝධතා අවසානයේ රාජ්‍ය විරෝධී විරෝධතාවයක් බවට පත් වීමයි.

ශුන්‍ය-කොවිඩ් පිටුපස ඇති ගාමක බලවේගය ෂී ජින්පින්වන අතර ඔහු විසින් එය අත්හැරීමෙන් පසු, විශ්ලේෂකයින් පවසන්නේ විශාල ආසාදන රැල්ලක් ඇති වීම සහ රෝහල් ගතවීම් පිළිබඳ වගකීම ජනාධිපතිවරයා භාර ගත යුතු බවයි. බොහෝ දෙනෙකු ප්‍රශ්න කරමින් ඇත්තේ මෙම ආසාදන රැල්ල වෙනුවෙන් රට වඩා හොඳින් සූදානම් නොකළේ මන්ද යන්නයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි