×

බ්‍රිතාන්‍යයේ මුදල් ඇමති ක්වාසි ක්වාටෙන්ග් ධූරයෙන් නෙරපයි!

ඔහුගේ අදූරදර්ශි ක්‍රියාවන් හේතුවෙන් ඇමති පුටුවෙන් නෙරපීමට එරට බලධාරීන් ක්‍රියා කර ඇත.


බ්‍රිතාන්‍ය හෙවත් එක්සත් ‍රාජධානියෙහි මුදල් අමාත්‍ය ධූරය හෙබවූ යේ ක්වාසි ක්වාටෙන්ග් ය. ඔහුගේ අදූරදර්ශි ක්‍රියාවන් හේතුවෙන් ඇමති පුටුවෙන් නෙරපීමට එරට බලධාරීන් ක්‍රියා කර ඇත.

වොෂින්ටනයේදී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සමුළුවට සහභාගීව සිටින ඔහු නැවත තම රටට ගෙන ඒමට එරට අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් කටයුතු කර තිබේ.

මෙලෙස පසුගියදා හඳුන්වා දුන් ආර්ථික පැකේජ හේතුවෙන් ආණ්ඩුවේ දැවැන්ත බදු කප්පාදුව මූල්‍ය වෙළෙඳපොලට දැඩි බලපෑමක් ඇති කිරීම නිසා මෙම තනතුරින් ඔහුව පහ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍යයේ මුදල් අමාත්‍ය ධූරය සඳහා ජෙරමි හන්ට් ( Jeremy Hunt) නව මුදල් අමාත්‍යවරයා ලෙස තේරී පත් කරන ලදී.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි