×

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු වාරඅවසානය නීතිවිරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්!

සත්‍යය සහ තෙල් සැමවිටම මතුපිටට පැමිණෙන්නේ යැයි යන කියමන සනාථ කරමින් අද දින බ්‍රිතාන්‍ය ඉහළතම අධිකරණය එරට අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දෙන ලදී.


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම නීති විරෝධී බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කොට තිබේ. 

තම පාර්ලිමේන්තු බහුතරය සහ ව්‍යවස්ථාදායකය හරහා පාලනය කිරීමේ බලය අහිමි වීම මත පරාජයන් ගණනාවකට මුහුණ දුන් බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා, එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ තීරණාත්මක ඔක්තෝබර් 31 දිනට සති කිහිපයකට පෙර පාර්ලිමේන්තුව වාර අවසාන කොට අත්හිටුවන ලදී.

නව දේශීය ව්‍යවස්ථාදායක න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කරන මැයෙන් බොරිස් අග්‍රාමාත්‍යවරයා අසාමාන්‍ය ලෙස සති පහක කාලයක් පාර්ලිමේන්තුව අත්හිටුවා තැබීමට අවශ්‍ය බවට පවසා තිබිණි.

කෙසේ වෙතත් මීට සුළු මොහොතකට පෙර එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් 11 දෙනෙකුගෙන් සමන්විත පූර්ණ අධිකරණය (Full bench) විසින් ඒකමතිකව තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේ මෙසේ පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ සැබෑ අරමුණ වූයේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් අර්බුදයකින් තොරව ඉවත් කර ගැනීමට රජය දරණ උත්සාහයන් මන්ත්‍රීවරුන් තවදුරටත් සෝදිසි කිරීම වැළැක්වීම බවයි. මන්ද එමඟින් බ්‍රිතාන්‍යයේ ආර්ථිකය හා ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ බ්‍රිතාන්‍යය දරණ ස්ථානයට ප්‍රභල පහරක් එල්ල වීමට ඉඩ ඇති බැවිනි. 

සත්‍යය සහ තෙල් සැමවිටම මතුපිටට පැමිණෙන්නේ යැයි යන කියමන සනාථ කරමින් අද දින බ්‍රිතාන්‍ය ඉහළතම අධිකරණය එරට අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දෙන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි