×

ප්‍රංශ රාජ්‍ය ලේකම්වරියක වන බෲන් පෝර්සන්ට කෝවිඩ්-19 වැළදෙයි.

ප්‍රංශයේ පරිසර හා අන්තර් සංක්‍රාන්ති අමාත්‍යතුමාගේ ප්‍රංශ රාජ්‍ය ලේකම් බෲන් පෝර්සන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් වාර්තා කළේය.


ප්‍රංශයේ පරිසර හා අන්තර් සංක්‍රාන්ති අමාත්‍යතුමාගේ ප්‍රංශ රාජ්‍ය ලේකම් බෲන් පෝර්සන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්  වාර්තා කළේය.

ඇයගේ තත්වය බරපතල නොවන බවත් මේ වන විට නිරීධායන ක්‍රීමේ ක්‍රියාපිළිවෙත් අනුගමනය කරන බවත් වාර්තා වේ.

ඇය පැවැත්වූ සියලු සම්බන්ධතා හා ඇය ගැටුණු සිද්ධීන් හඳුනාගෙන ඇති අතර මේ වන විට ඒ හා අදාල පිරිස් නිරෝධායනය කරමින් පවතී.

මේ මස මුලදී ප්‍රංශ සංස්කෘතික අමාත්‍ය ෆ්‍රෑන්ක් රයිස්ටර්ට කොරෝනා වෛරසය වැළැදී ඇති බව සොයා ගැනුණු අතර පසුගිය සතියේ ප්‍රංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ පිරිසකට ද වැළදි ඇති බව සොයාගන්නා ලදී.

මේ වන විට ප්‍රංශයේ සියලු සිනමාශාලා. ආපනශාලා හෝටල් හා විනෝදශාලා වසා දමා ඇති අතර කොරොන වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා තම රට සමාජ දුරස්ථභාවය වැඩි කරන බව ප්‍රංශ අගමැති ඇඩ්වර්ඩ් පිලිප් නිවේදනය කළේය.

ප්‍රංශ වැසියන් 4600කට පමණ වෛරසය ආසාදනය වී ඇති අතර 300කට ආසන්න ප්‍රමාණයකගෙ තත්වය බරපතල බව වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි