×

බෘනායි හී දී නත්තල සැමරුවොත් අවුරුදු 5කට හිරේ

ඩොලර් 20,000 දඩයකුත්


විවෘත ස්ථානවලදී හො ප්‍රසිද්ධයේ නත්තල සැමරීම අපරාධ වරදක් බව බෘනායි හී සුල්තාන්වරයා විසින් නීතියක් පනවා ඇත.

ඒ් අනුව ප්‍රසිද්ධියේ නත්තල සමරණ ඔ්නෑම පුද්ගයෙකු වසර 5ක් සිර ගත කිරීමේ අයිතිය රජය සතු වන අතර ඩොලර් 20000ක දඩයත් ගෙවීමටද සිදු වේ.

මෙම නීතිය හුදුන්වා දීමට හේතු වී ඇත්තේ බෘනායි යනු බහුතරයක් මුල්සිම් ජනගහණයක් ජීවත් වන බැවින් ප්‍රසිද්ධ නත්තල් උත්සව විසින් ඔවුන් නොමග යනු ඇතැයි යන අනිසි බිය හේතුවෙනි.

මෙම තහනම ඒරට මුස්ලිම් ආගමික නායකයින් විසින් අනුමත කර ඇති අතර ඔවුන් පවසන්නේ නත්තල සැමරීමේ මුවාවෙන් සිය ජාතිකයන් වෙනත් ඇදහිල්ලක් පිළිබදව අවුල්සහගත කරනු ඇති බවයි.

පිටතට පෙනෙන ලෙස නත්තල් සැරසිලි සිදු කිරීම, නත්තල් සීයා විසින් ත්‍යාග ලබා දීම ආදියද නීති විරෝධී වන අතර ඒමක්‍රියා සිදු වනවාදැයි නිරීක්ෂණයට මෙ‌ෙ වන විට ඒරට ආගමික කටයුතු අමාත්‍යංශයේ බලධාරීන් පත් කර ඇති බව වාර්ථා වේ.

වසර 50කට ආසන්න කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති බෘනායි තෙල් සම්පත හේතුවෙන් පොහොසත් රාජ්‍යයක් ලෙස සැළකේ. ඒහි පාලක සුල්තාල් හසනල් බොල්කියා විසින් මීහතදීද 2014 මෙම නීතිය හදුන්වා දුන් අතර ඒවකට ඉස්ලාමීය ෂාරියා නීතියට අනුව ගල් ගසා මරා දැමීම , කස පහර වැනි දඩුවම්ද නියම කරන ලදී,

නව නීතිය යටතේ ඒම තත්ත්වය වෙනස් වී ඇති අතර නත්තල සමරන්නන් හට වසර 5ක සිර දඩුවම් සහ ඩොලර් 20000ක දඩයක් නියම වේ.

යම් ක්‍රිස්තු ධර්මය අදහන්නෙක් වේනම් ඔවුන්ට සිය නිවෙස් තුළ නිහඩව නත්තල සැමරිය හැකි බව බෘනායී ආගමික කටයුතු බලධාරීන් විසින් දැනුම් දී ඇත
‍බෘනායි හී මෙම තීරණය සම්බන්ධව ද ලෝකය පුරා ඉස්ලාම් රාජ්‍ය්‍යන් හී කිතුණු ආගමිකයන් ද දැනුවත් කිරීම සදහා අන්තර්ජාලය ඔස්සේ #MyTreedom නමින් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක්ද ආරම්භ වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි