×

බෘෘනායි සුල්තාන්ගේ පළමු ගල් පහර එල්ල වන්නේ සිය පුතුටද ?

පසුගිය කාලවකවානුව තුළ මහත් ආන්දෝලනයට තුඩු දුන් සමරිසියන් හා විවාහයට පරිබාහිර ලිංගික හැසිරීම් දක්වන වැඩිහිටියන් හට අප්‍රේල් 03 වන දින සිට ෂරියා නීතියට ප්‍රකාරව ව්‍යවස්ථාපිත නීතියක් ලෙස ගල්පහර එල්ල කොට මරා දැමීමට බෘෘනායි රාජ්‍යය ගත් තීන්දුව පසුපස පවතින්නේ සුල්තාන් බෝල්කියා සිටුමැදුරේ පෞද්ගලික පළහිලව්වක් බවට මේ දිනවල මතිමතාන්තර පැතිරමින් පවතී.


සමාජ මාධ්‍ය ජාලවල සීඝ්‍රයෙන් පැතිර යන මෙම මතිමතාන්තරවලට අනුව, බෘෘනායි රාජ්‍යය පාලනය කරන සුල්තාන් හස්සනාල් බෝල්කියාගේ දෙවන පුත් අසිම් කුමරා සමරිසියෙකි !

ප්‍රසිද්ධ බ්ලොග් අඩවි මෙහෙයුම්කරුවකු හා විවෘත සමරිසියකු වන පෙරෙස් හිල්ටන්ට අනුව, සුල්තාන් හස්සනාල් බෝල්කියා ගේ දෙවන පුත් අසිම් කුමරා සමරිසියෙක් බවට කාටත් නොරහසකි. ඔහු පවසන අන්දමට සුල්තාන් බෝල්කියා මේ පිළිබඳ නොදන්නවා විය නොහැකිය.

ජනප්‍රිය පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය, ලිංගික දිශානතිය වැනි කරුණු ඉතා පහත් අන්දමින් ප්‍රසිද්ධ වේදිකාවේ හෙළිකිරීම පිළිබඳ ඉතිහාසයක් දරණ බ්ලොග් අඩවි මෙහෙයුම්කරු පෙරෙස් හිල්ටන් යූටියුබ් වීඩියෝපටයක් විකාශය කරමින් පවසා සිටියේ මෙවන් අදහසකි.

“ඔබ සෑම දෙනාම දන්නවා මම දැන් ඒ වැරැද්ද කරන්නේ නැහැ කියලා. ඉස්සර මම ගොඩක් මිනිසුන්ගේ ලිංගිකත්වය පිළිබඳ කරුණු ප්‍රසිද්ධියේ හෙලි කරා. ඒත්, මට මෙතනදී සිදුවන ව්‍යසනය දිහා බලා ගෙන නිහඬව ඉන්න බැහැ. මෙය මම කිව යුතුයි. බෘෘනායි හි සුල්තාන් තමන්ගේ පුතා සමරිසියෙක් බව දන්නේ නැතුව ඇති. ඒත්, වෙනත් ඕනෑම කෙනෙක් මේ කරුණ පිළිබඳව දන්නවා. මම පෞද්ගලිකව එය දන්නවා, මන්ද, මම අසීම් කුමරා සමඟ කාලය ගත කර තිබෙනවා.”

අසිම් කුමරා යනු බෘෘනායි රජ පෙළපතේ සිව්වැනියට කිරුළ හිමි සුල්තාන් බෝල්කියාගේ දෙවන පුතුන් ය. ලොව නන්දෙස සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී (LGBT) අනන්‍යතා දරණ ජනප්‍රිය පුද්ගලයන් සමඟ අසීම් කුමරා ගත් ඡායාරූප බොහොමයක් පවතී. මේ අතර කේට්ලින් ජෙනර් හා ඔලිම්පික් මලල ශූරී ගස් කෙන්වොර්ති ද වේ. ඔහු විෂමරිසි මෙන්ම සමරිසි ලිංගික කටයුතු බොහොමයක් සිදුවන රාගී ප්‍රියසම්භාෂණ (බෘෘනායි නීතින් අනුව පටහැනි වූවද) වල ලොව පතල ජනප්‍රිය තරු සමඟ කාලය ගත කර ඇති බවට සාක්ෂි මොනවට පවතී.

මීට අමතරව වාර්තා වන අන්දමට, සුල්තාන් බෝල්කියාගේ බාල සොයුරු ජෙෆ්රි කුමරා ෂරියා නීතීන් ට පටහැනි ක්‍රියා බොහොමයකට සම්බන්ධ වී ඇති පුද්ගලයෙකි. ජෙෆ්රි කුමරා යනු ලිංගික හැසිරීම්වලට ඇබ්බැහි වූ, සල්ලාල ගතිපැවතුම් පවතින රාගී ජීවන විලාශයක් ගත කරන පුද්ගලයකු බවටත්, කාන්තාවන් සමඟ නිතර ප්‍රිය සම්භාෂණවල කාලය ගත කරන හා ඔහු ලිංගික වශයෙන් තෘප්තිමත් කරන කාන්තාවන් හට තෑගි භෝග ලබා දෙන බවට ප්‍රසිද්ධ පුද්ගලයකු බවටත් වාර්තා වෙයි. වරක කාන්තාවන් 40 ක් සිටින හරාම් හලක අයිතිය දැරුවේ හා ඇමරිකන් ඩොලර් බිලියන 14.8 ක මූල්‍ය වංචාවක් කොට ඇතැයි යැයි ඔහුට චෝදනා පවතී. ‘ටිට්ස්’ (තනපුඩු) නම්වූ සුපිරි යාත්‍රාවක අයිතිය දැරුවේ හා මසකට ඇමරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් නිකරුණේ නාස්ති කළේ යැයි චෝදනා ද ඔහුට පවතී.

සමාජ මාධ්‍ය ජාලවල මේ දිනවල ගොඩනැඟෙන විග්‍රහ වලට අනුව, ෂරියා නීතිය බෘෘනායි රාජ්‍යයේ ව්‍යවස්ථාපිත නීතිය බවට ප්‍රකාශයට පත් කිරීමත්, එමඟින් අහිංසක මිනිසුන්ගේ මරණයේ විලාපය කොවුල් නදක් බවට පත් කර ගැනීමටත් උන්මත්තක සුල්තාන් බෝල්කියා විසින් ගන්නා මෙම ඒකාධිපති ව්‍යර්‍තය තම පවුලේ අතීත කැළැල් වසා ගැනීම සඳහා එරට ජනතාව බිල්ලට දීමක් බව සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි