×

නේපාලයේ ‘බුද්ධා බෝයි‘ ගේ බැතිමතුන් අතුරුදහන්!

බුද්ධා බෝයි (“Buddha Boy”) යනුවෙන් පසුගිය සමයේ ලොව පුරා ප්‍රකට වී සිටි නේපාලයේ රාම් බහදුර් බොම්ජාන්ගේ බැතිමතුන් කිහිප දෙනෙක් අතුරුදන්ව ඇති අතර, පොලිසිය ඔහු ගැන සැක පිට විමර්ශනයක් පවත්වමින් සිටියි.


2005 වසරේ ‘බුද්ධා බෝයි‘ යනුවෙන් හැඳින්වෙන්නට පටන් ගත් බොම්ජාන්ට විරුද්ධව දැන් පැමිණිලි ගණනාවකි. ඒවායින් ඇතැමක්, ඔහුගේ බැතිමතුන්, බැතිමතියන් ට ඔහු විසින් ලිංගික අපචාර සිදුකළ බවට ය! නමුත් අලුත්ම චෝදනාව, ඔහු විසින් බැතිමතුන් අතුරුදන් කළ බවට ය.

ඔහුගේ ආශ්‍රමවලදී බැතිමතුන් 4 දෙනෙක් අතුරුදන්ව ඇති බව පැවසේ. නේපාල පොලිසිය ඒ ගැන විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. ඔවුන් එම ආශ්‍රමවල නේවාසික ව සිටි අය ය.

2012 වසරේදී නේපාල පොලිසිය, මේ බොම්ජාන්ගේ අනුගාමිකයන් විසින් පුරා මාස 2 ක් තිස්සේ බලයෙන් රඳවාගෙන සිටි ස්ලෝවැකියානු කාන්තාවක මුදා ගත්තේය. සුසානා ටැකාක්ස් (Zsuzsanna Takacs) නමැති මේ කාන්තාව පැවසුවේ, තමන් නැවතී සිටි හෝටලයෙන් එම පිරිස පැමිණ තමන්ව පැහැගෙන ගොස්, ගසක බැඳ, බොම්ජාන්ගේ භාවනාවන් ට බාධා කිරීමට යක්දෙස්සියක මෙන් වැඩ කළ බව ය. පහර දීම නිසා ඇගේ අතක් ද බිඳී ගොස් තිබිණි.

AFP පුවත් සේවය වරක් අපූරු පුවතක් වාර්තා කළේය. එයට අනුව, බොම්ජාන් විසින් සිය භාවනාවට යමෙක් බාධා කරන බව හැඟී යයි නම් ඔවුන්ට පහර දෙන බව පිළිගෙන තිබෙන බවයි. එහිදී ඔහු එම පහරදීම භාර කරන්නේ ඔහුගේ අන්ධ භක්තිකයන් හට ය. 2012 වසරේදී බොම්ජාන්ගේ භාවනා සැසියකට පැමිණ ප්‍රශ්න ඇසීමට පටන් ගත් මාධ්‍යවේදියෙකුට ද මේ අන්දමින් පහර දී තිබේ.

මේ වන විට බොම්ජාන්ට අනුග්‍රහය දක්වන බෝධි ෂරවන් ධර්ම සංඝා නමින් වෙනම සංවිධානයක් ද පිහිටුවාගෙන ඇත. බොම්ජාන් හට චෝදනාවක් එල්ල වන හැමවිටම එම සංවිධානය ඔහු වෙනුවෙන් පෙනී සිටියි.

පසුගිය සැප්තැම්බරයේ 18 හැවිරිදි චීවර ධාරිනියක් ඔහුට චෝදනා කර සිටියේ, ඔහුගේ ආශ්‍රමයකදී තමන්ව දූෂණය කළ බවට ය. එවිට එම චීවරධාරිනිය සොරකමකට සම්බන්ධ අයෙක් බව කියමින් සෙසු බැතිමත්හු ඔහුව නිර්දෝෂී කළහ. විචාරකයන් පවසන්නේ කොතරම් චෝදනා එල්ල වුවත් ඔහුගේ ජනප්‍රියත්වය එලෙසින්ම තවම පවතින බව ය. පැතිර යන නරක ආරංචි ඔහුගේ බැතිමතුන්ගෙන් බහුතරය විශ්වාස නොකරන බව ය.

මාස ගණනක් කෑම, ජලය හෝ නින්දක් නැතිව මේ අන්දමින් එරමිණියා ගොතාගෙන නොසෙල්වී වැඩ සිටීමට ඔහුට හැකි බව කියැවේ. එවිට ඔහුගේ ශීර්ෂ මස්තකයෙන් ගිනිදැල් විහිදෙනු දුටු අය ද සිටිති! බැතිමතුන් සිතන්නේ ඔහු බුදුන් වහන්සේගේ පුනරුප්පත්තියක් කියා ය!!

මෙහිදී බුදුන් වහන්සේ ආත්මවාදය ප්‍රතික්ෂේප කළ බව බැතිමතුන්ට අමතක ය. නැවත ඉපදීම අවසන් කළ බව ද බැතිමතුන්ට අමතක ය.

එපමණක් නොවේ. තමන්ට එසේ කියන්නට එපා යැයි බොම්ජාන්ම කියා තිබේ. ‘‘මාව බුදුන් වහන්සේ සමග සසඳන්න එපා. මට එතරම් ශක්තියක් නැහැ..“

නමුත් බැතිමත්හු නිතරම එපා කියන දේ කරති. ඔවුන්ට බැතිමතුන් නොව ‘අන්ධ බැතිමතුන්‘යැයි කීම මේ නිසා වඩා නිවැරදි වේ.

Ram Bahadur Bomjan became famous in 2005 after followers said he could meditate motionless for months without water, food and sleep. Photograph: Pankaj Shrestha/AFP/Getty Images
Ram Bahadur Bomjan became famous in 2005 after followers said he could meditate motionless for months without water, food and sleep. Photograph: Pankaj Shrestha/AFP/Getty Images


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි