×

ඩොලර් මිලියන 19ක් වන ලෝක ඉතිහාසයේ මිලෙන් අධිකතම කාර් රථය නිපදවයි.

Bugatti's La Voiture Noire


ලෝකයේ එතෙක් මෙතෙක් වැඩිම මුදලකට මිල කෙරුණ වාහනය Bugattiසමාගම විසින් නිශ්පාදනය කිරීමට සමත් වී ඇත‍

මිල අධික වාහන නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන Bugatti මෙවර නිෂ්පාදය කර ඇති Bugatti’s La Voiture Noire නැමති කාර් රථය ඩොලර් මිලියන 19කට මිල කර ඇත.

නිෂ්පාදන සමාගමට අනුව Bugatti’s La Voiture Noire ලෝකයේ මෙතෙක් නිෂ්පාදනය කර ඇති වටිනාම කාර් රථය වෙයි. එමෙන්ම නිෂ්පාදනය කර ඇත්තේද මෙම වර්ගයේ එක් වාහනයක් පමණි. Bugatti’s La Voiture Noire හි හිමිකරු වන්නට යන්නේ කවුරුන්දැයි යන්න තවමත් හෙළි කර නොමැති කරුණක් වන්නේය.

මීට පෙරද මෙම සමාගම විසින් Bugatti’s La Voiture Noire වර්ගයේම වාහනයක් 1930 වසරේදී නිපදවන ලදී, එවැනි කාර් රථ 4ක් මින් පෙර නිපදවන ලද අතර ඒවායේ සමස්ථ වටිනාකම ඩෝලර් මිලියන 50ක් පමණ වන්නේය. එම කාර් රථ 4න් තුනක් පමණක් මේ වන විට පවතින අතර එක් කාර් රථයක් දෙවන ලෝක යුද්ධයේදී අතුරුදන් වී ඇත මෙම මොඩලය ean Bugatti විසින් නිර්මාණය කර ඇති අතර ඔහු Bugatti සමාගම ඇරඹූ Ettore Bugatti ගේ පුත්‍රයා වෙයි.

නවතම කාර් රථයද අශ්වබල 1500කින් යුක්ත වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි