×

බුල්ඩෝසර් ජනපතිගේ අලුත්ම වාරණ 06

ටැන්සානියානු ජනපතිට ලංකාව බාර දෙමුද?


ටැන්සානියාවේ ජනපති ජෝන් පොම්බේ මැගුෆුලි එරට ජනතාව හදුන්වන්නේ ”ද බුල්ඩෝසර් ” යනුවෙනි. මීට වසර 3කට පෙර එරට ජනපතිවරා ලෙස පත්වූ ඔහු සිය පත්වීම භාරගෙන පසුදාම ඔහු විසින් එරට නිදහස සැමරීම සදහා වන වාර්ෂික උත්සවය අවලංගු කරන ලදී. ඔහු ඒ සදහා වැයවූ සියලු මුදල් එරට මාර්ග පද්ධතිය අලුත්වැඩියාව සදහා යොදවනු ලැබීය. ඒ පමණක් නොව එතෙක් රජයේ සිටි දූෂිත නිළධාරීන් පළවා හැරීමටද ඔහු නොපසුබට විය.

එතැන් පටන් ඔහු රට තුළ විවිධ වෙනස්කම් සිදු කළ අතර මෙම වර්ෂය ආරම්භ වීමත් සමග තීරණාත්ම වාරණයන් කිහිපයන් ඔහු විසින් හදුන්වාදෙනු ලැබ ඇත‍.

1- විදෙස් සංචාර

2015 සිය ධූරය භාර ගැනීමත් සමග ඔහු රජයේ සේවකයින් වෙත විදෙස් සංචාර තහනම් කරන ලදී, අත්‍යවශ්‍යම අවස්ථාවක්නම් ඉහළම නිළධාරියාගෙන් අවසර ගත යුතු වන පරිදි ඔහු මෙම නීතිය හදුන්වා දෙන ලදී, සිය බදු මුදල් නාස්තිකරන්නන් ලෙස රජයේ සේවකයන් නම් කළ රටේ ජනතාව ඔහුගේ මෙම තීරණයට ආශිර්වාද කරන ලදී.

2017 වසරේ එරට මධ්‍යම බැංකු වාර්ථාව මගින් එළි දැක්වූ වාර්ෂික වාර්ථාව සදහන් කලේ ජනපතිවරයා පැනවූ මෙම නීතිය නිසා එරටට ඩොලර් මිලියන 430ක් වාර්ෂිකව ඉතිරි වූ බවයි.
රජයේ නිළධාරීන්ට පමණක් මෙම තහනම පනවා නොනැවතුන ඔහු සිය ආදර්ෂයද රටේ ජනතාව වෙත ලබා දුන්නේය ඔහු වසර 3ක් තිස්සේ තම ධූරය භාර ගත් දා සිට නැගෙනහිර අප්‍රිකාවෙන් පිටතට නොගියේය.ඔහු ගොස් ඇත්තේ උගන්ඩාව, කෙන්යාව ආදී රටවල් වලට පමණි.

ඔහු පවසන්නේ තමන් විදෙස් ගමන් මෙසේ නොයෑමට හේතුව රට වෙනුවෙන් මුදල් ඉතිරි කිරීමට අවශය නිසා බවයි

2- රෝහල් සහ විනොදාස්වාදය

සෑම රෝහලකම මෙතෙක් රෝගීන්ට නැරඹීමට තිබූ රූපවාහිනී වල ප්‍රචාරණය කෙරුණ සාමාන්‍ය රූපවාහිනී වැඩසටහන් තහනම් කළ ඔහු නියම කළේ සෑම මෙහොතකම රෝහල් වල ඇති රූපවාහිනී මගින් සෞඛ්‍ය වැඩසටහන් මෙන්ම රෝග වලින් ප්‍රවේසම් වීමේ මාර්ග ආදි වැඩසටහන් ප්‍රචාරය කළ යුතු බවයි.

3- පාර්ලිමේන්තුවේ සිට සජීවී විකාශ

බුල්ඩෝසර් ජනපතිවරයා විසින් එරට සිදු කළ තවත් වාරණයක් වූයේ රටේ තීරණ ගැනීඹ සමබන්ධ පාර්ලිමේන්තු කටයුතු මාධ්‍ය මගින් අනාවරණය කිරීම සීමා කිරීමය ඔහු පාර්ලිමේන්තු විවාද සිදුවන අවස්ථාව ආවරණය නොකරන ලෙසටත් පාර්ලිමේන්තුව තුළ සිදුවන ප්‍රශ්න ඇසීමේ හා පිළිතුරු දීමේ අවස්ථාව ඇතුළු අවස්ථා කිහිපයක් පමණක් ආවරණය කිරීමටත් මාධ්‍යයට අවස්ථාව ලබා දෙන ලදී, මෙය පාර්ලිමේන්තු කටයුතු ජනතාවගෙන් වසන් කිරීමට සිදු කළ උපක්‍රමයක් බව එරට විපක්ෂය චෝදනා කර සිටියහ.

මේ පිළිබදව අදහස් දක්වමින් එරට තොරතුරු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ වෙනුවෙන් මෙතෙක් මාසිකව වියදම් වූ ටැන්සානියානූ ෂීලින්ග් බිල්යන 4.2 ක් ඉතිරි කර ගැනීමට එසේ කළ බවයි. ඔහු පවස්නනේ තවත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් බෙහෝමයක් මුදල් ඉතිරි කිරීමට මෙම ක්‍රමය අනුගමනය කරන බවයි.

4- ගර්භණී පාසැල් ශිෂ්‍යාවන්

පාසැල් ශිෂ්‍යයවන් ගැබු ගැනීම ටැන්සානියාව තුළ අන් රටවලට වඩා සුලභව සිදුවන්නකි. ටැන්සානියානු ජනපතිවරයා ඔවුන් සම්බන්ධව ගෙනා නීතිය වන්නේ පාසැල් දැරියන් ගැබ් ගත් කළ විට මෙතෙක් සිදු කලේ ඔවුන් පාසැලෙන් නෙරපා හැරීමය. නමුත් මෙගුෆුලි ජනපතිවරයා එම චාරිත්‍රය වාරණය කළේය . ඔහු විසින් ගැබ්ගත් සිසුවියන් දරු ප්‍රසීතියෙන් පසු නැවත පාසැල් ආ යුත් බවට නීථියක් ගෙන ආයේය. ඔහු ජනපතිවරයා ලෙස ඉදිරිපත් වන විට ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේද මේ බව දක්වා තිබිණි.

ඔහුගේ මෙම තීරණය සම්බන්ධව රට තුළ විවේචන රැසක් ඔහුට එල්ල විය. නමුත් එම නීතියෙහි වෙනසක් නොවීය . ටැන්සානියාවේ තීරණයත් සමග සැන්සිබාර් දූපත් සමූහයේද දරුවන් සිටින ළමා මවුවරුන් සදහා පාසැල් පැමිණීමට හැකි වන පරිදි නීති රීති සකස් විය.

5- දේශපාලන පෙළපාලි

සිය ධූරය භාරගත් සැටියේම මෙගෆුලි ජනපතිවරයා පැවසුවේ තමන්ට රටේ දේශපාලන නායකයින් එකිනෙකා ජනතාව පෙළපාලි හෝ රැලි සදහා සහභාගිකරවා ගන්නා අයුරු දකින්නට තමන් අමැති බවයි. ඔහු පැවසුවේ මෙවර පත්වූ රජය ඉදිරි මැතිවරණය තෙක් රට ගොඩනැගීමේ කටයුතු කරන තෙක් බලා සිටිය යුතු බවත් , තමන් ඊට අකමැතිනම් හෝ රජය නිසි අයුරිනක් කටයුතු නොකරයිනම් මී ලගට එන 2020 මැතිවරණයේදී ඊට එරෙහිව ඡන්දය භාවිත කළ හැකි බවයි. 2016 වසරේද ීඑරට ප්‍රධාන විපක්ෂය විසින් රැලියක් සංවිධානය කළද එසැණින්ම එය අවලංගු කරන ලදී,

ඔහුගේ මෙම තීරණය සම්බන්ධව රට තුළ විශාල ලෙස විවේචන දියත් වූ අතර පෞද්ගලික මාධ්‍ය විසින් ජනපතිවරයා ප්‍රකාශනයේ නිදහස අහිමි කර ඇති බවට චෝදනා කළහ. නමුත් පෞද්ගලික මාධ්‍ය ඇමතූ ජනපතිවරයා පවසා සිටියේ.. ” මම පෞද්ගලික මාධ්‍ය හිමිකාරීත්වයට කියන්න කැමතියි පරිස්සම් වන්න.. බලා සිටින්නතතත ඔබ සිතනවානම් ඔබට යම් අයුරක නිදහසක් අවශ්‍යයි කියා එය ඔබ සිතන ප්‍රමාණයෙන් නොවේ. ” ඔහු විසින් මාධ්‍යවේදී න් සදහා නව මාධ්‍ය සදාචාරයන් හදුන්වා දුන්නේය.

6- රත්රන් සහ තඹ අපනයනය

තම ධූරය භාර ගැනීමත් සමග ඔහු විසින් ටැන්සානියාවේ පතල් වලින් ලබා ගන්නා සාන්ද්‍රමය ලෝහ අපනයනය කිරීම සම්බන්ධව වාරණයන් පනවන ලදී. ටැනිසානියානු ලෝහ මෙතෙක් ආසියානු හා යුරෝපීය රටවලට අපනයන කළද එවායේ ගුණාත්මක භාවය පිළිබද ගැටළු මතුවෙමින් පැවතිණ. ඒ අනුව පතල් හිමි කයරුවන් කියා සිටියේ තමන්ට අඩු වාණිජ වටිනාකමක් ඇති බවයි.

2017 වසරේදී එරට විශාලතම රත්රන් කර්මාන්තායතනය London-listed Acacia Ltd විසින් මෙම වාරණය විවේචනයට ලක් කරන ලදී, මේ සම්බන්ධව ජනපතිවරයා සිදු කළේ ඔවුන්ට අයත් කන්ටේනර 250ට අධික ප්‍රමාණයක් රාජසන්තක කිරීමය. රත්‍රන් කර්මාන්තකරුවන්ගේ අපනයන හා ආදායම් පිළිබද විස්තර සළකා බලා ජනපතිවරයා එම ආයතන වෙත ඩෝලර් බිලියන 190ක බද්ධක නියම කරන ලදී. ඒ වසර 17ක් තිස්සේ එම කර්මාන්තය පවත්වාගෙන ගිය සියලු වසර වලට අදාලවය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි