×

“බීජිං හි මස් වෙළෙන්දා” ලී පෙංග් අභාවප්‍රාප්ත වේ!

"බීජීං හි මස් වෙළෙන්දා" (Butcher of Beijing) යන විරුදාවලියෙන් ද පිදුම් ලැබූ චීනයේ හිටපු අගමැති ලී පෙංග් අභාවප්‍රාප්ත වෙයි.


හිටපු චීන අගමැති ලී පෙංග් අභාවප්‍රාප්ත වූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන ලදී.

මිය යන විට පෙංග් අනූ වන වියේ පසුවිය.

හිටපු පෙංග් අගමැති “බීජීං හි මස් වෙළෙන්දා” (Butcher of Beijing) යන විරුදාවලියෙන් ද පිදුම් ලැබූ අතර, එයට හේතුව වන්නේ 1989 වර්ෂයේ ජූනි 04 වන දින එරට බීජිං නගරයේ ටියානන්මන් චතුරශ්‍රයේදී සිදුකළ අමානුශික මානව සංහාරයට සෘජුව වගකිව යුතු පුද්ගලයා ඔහු වූ බැවිනි. 

1989 වර්ෂයේදී බීජිං නගරයේ ටියානන්මන් චතුරශ්‍රයේදී ප්‍රජාතන්ත්‍රවාදී සමාජක්‍රමයක් ස්ථාපිත කරනු වස් දියත් කළ උද්ඝෝෂණයට ජූනි මස 04 වන දින හමුදා බලය භාවිතා කරමින් විරෝධතාකරුවන් වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ඉදිරියේ දැඩි පිළිකුලට හා අප්‍රසාදයට ලී පෙංග් පත්විය. එතැන් පටන් ද දශකයක කාලයක් යන තුරු තම කොමියුනිස්ට්වාදී බලඇණිය තුළ රැඳී සිටීමට පෙංග් සමත් විය.  

චීනයේ ජාතික මහජන කොංග්‍රස් ස්ථාවර කමිටුවේ සභාපතිධූරය ද හෙබවූ පෙංග් මෑත කාලය තුළ වකුගඩු පිළිකා තත්ත්වයකින් පසුවූ අතර, පසුගිය සඳු (22) දින මාධ්‍යයට හෙළිදරව් නොකළ රෝගී තත්ත්වයකින් මිය යන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි