×

සත්ත්ව හමෙන් කළ නිෂ්පාදන කැලිෆෝනියාව තහනම් කරයි.

සත්ත්ව නිෂ්පාදන තහනම් කළ ප්‍රථම ඇමරිකානු ජනපදය කැලිෆෝනියාවයි.


ඇමරිකානු ජනපද අතරින් සත්ව හමෙන් කළ සියළු නිෂ්පාදන තහනම් ජනපදය බවට කැලිෆෝනියාව පත් විය. ඒ අනුව 2023 වසරේ සිට කැලිෆෝනියාවේ කිසිවෙකුටත් සත්ව හමෙන් ඇදුම් හෝ කිසිදු නිෂ්පාදනයක් සිදු කිරීමට හා විකිණීමට තහනම් වනු ඇත.

කැලිෆෝනියාවේ සතුව අයිතීන් පිළිබද සංවිධාන විසින් එහි පාලනාධිකාරියා ගත් මෙම තීරණය ප්‍රශංශාවට ලක් කර ඇත.
ඊට අමතරව කැලිෆොනියානු ආණ්ඩුකාර ගෙවින් නිවුසොම් විසින් සතුන් සර්කස් සංදර්ශන සදහා යෙදවීම තහනම් කිරීම සදහා වන පනතටද අත්සන් තබා ඇත. ඒ අනුව පූසන් , බල්ලන් සහ අශ්වයින් හැරුණ විට අන් සියළු සතුන් සර්කස් සංදර්ශන සදහා යෙදවීම තහනම් කෙරෙනු ඇත.

මෙම නීති කඩ කළහොත් පළමු වතාවට ඩොලර් 500ක දඩයක්ද එය නැවත කළහොත් ඩොලර් 1000ක දඩයක්ද පැනවෙනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි