×

මිටියාවත් දෙපළු කරමින් කැලිෆෝනියාවට ප්‍රබල භූමි කම්පාවක්

කැලිෆෝනියාවට දශක දෙකකින් ඇති වූ ප්‍රබලම භූමිකම්පාව මෙයයි.


දශක දෙකකින් ඇති වූ දරුණුතම භූමි කම්පාවට දකුණු දිග කැලිෆෝනියාව අද දින (05) මුහුණ දුන්නේය. එහිදී ඇති වූ භූ චලනය රික්ටර් ඒකක 6.4 කි.

මරණ කිසිවක් වාර්තා නොවුණ ද පුද්ගලයන් 20 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකට තුවාළ සිදු වී ඇත. සුන්බුන් අතර සිරවූ අය ද සිටින බවට සැක කෙරේ.

මෙම භූ කම්පනයේ අපි කේන්ද්‍රය පිහිටා තිබුණේ 28,000 ක පමණ පිරිසක් ජීවත් වන රිජ්ක්‍රෙස්ට් නගරය අසල වීම විශේෂත්වයකි. මෙමගින් ගිනිජාලා ද ඇති විය. වාසනාවකට මෙන් මෙයින් හානි සිදුව තිබුණේ ජනාකීර්ණ ප්‍රදේශවලට නොවේ. රිජ්ක්‍රෙස්ට් රෝහලේ නේවාසික රෝගීන්ව එයින් පිටතට ගෙන ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාම ලහි ලහියේ සිදු විය.

රිජ්ක්‍රෙස්ට් නගරය පිහිටා තිබෙන්නේ ලොසැන්ජලීස් නුවරට කිලෝමීටර 240 ක් දුරිනි.

මොජාව් කාන්තාරයේ පටන් පැසිෆික් සාගරය දක්වා කලාපයට මෙම භූ චලනය දැනී තිබූ බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ඇතැම් ස්ථානයකට මෙම කම්පනය තත්පර 20 ක පමණ කාලයක් පැවතී ඇත.

Evacuated patients rest under a shade of tent after being evacuated from Ridgecrest Regional Hospital GETTY IMAGES
රිජ්ක්‍රෙස්ට් රෝහලේ නේවාසිකව සිටි රෝගීන් (GETTY IMAGES)

භූ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබෙන්නේ ඉදිරියේදී තවත් භූ චලන මෙම ප්‍රදේශයට ඇති විය හැකි බවට ය.

A man cleans up a supermarket that was damaged by the earthquake
සුපිරි වෙළඳසැලකට භූමි කම්පාවෙන් හානි සිදු වී තිබූ අයුරු ( GETTY IMAGES )

නගරයට මේ වන විට හදිසි නීතිය පනවා ඇත.

Map showing California and Ridgecrest
BBC

මේ වන විට තත්වය පාලනය කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය. @realDonaldTrump



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි