×

අන්තර්ජාල ළමා අපචාරකරුවන් මැඬලීමට කාම්බෝජ බලධාරීන් මැලි වෙයි! 

ලිංගික අපයෝජන මර්දනය කිරීම සඳහා රහස් පරීක්ෂණ දියත් කිරීමට කාම්බෝජ නීති පද්ධතිය තුළ අවසර නොමැති අතර, මෙම ප්‍රභල නෛතික දෝශය බලධාරීන් එම අපරාධ මර්දනය කිරීමෙහි යෙදවීම පමා කරනු ලබයි.


මේ වන විට ඇමරිකානු හා ඕස්ට්‍රේලියානු රජය එක්ව කාම්බෝජයේ  අන්තර්ජාලය භාවිතා කරමින් කුඩා දරුවන් ලිංගික කටයුතු වලට යොමුකරවා ගැනීමට මාන බලන පුද්ගලයින් ට එරෙහිව නීතිය ක්‍රියාත්ම කිරීමට වැඩපිළවෙලක් දියත් වෙමින් පවතී.

කෙසේවෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කාම්බෝජ බලධාරීන් මෙම අන්තර්ජාල ළමා අපචාරකරුවන් නීතියේ රැහැනට හසුකර දීමේ ක්‍රියාවලියට මැලිකමක් දක්වන බවයි. 

කාම්බෝජ බලධාරීන් ප්‍රකාශ කර සිටියේ රටෙහි පවතින වත්මන් නීති පද්ධතිය තුළ අන්තර්ජාල ළමා අපචාරකරුවන් අත්අඩගුවට ගැනීමට ප්‍රමාණවත් නීති ශක්තිමත්භාවයෙන් අඩු බවත් එම නීති තුළින් පහසුවෙන් රිංගා යෑමේ හැකියාව ඔවුනට පවතින බවත් ය.  

ලාභ, අධිවේගී අන්තර්ජාල පහසුකම් හා ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය ඉහළ යාම අග්නිදිග ආසියාවේ සයිබර් අවකාශයේ ලිංගික අපචාර කටයුතු හා මුදල් මත ළමුන් විකිනීමේ ජාවාරම් උත්සන්න වීමට බලපා ඇති ප්‍රධානතම හේතුව වේ. මෙම ඛේදවාචකය නූතන මිනිස් වහල් සේවයේ යෙදවීමක මුහුණුවරක් ගනිමින් අන්තර්ජාලය ඔස්සේ (විශේෂයෙන් ලයිව්ස්ට්‍රීම් ඔස්සේ) මුදල් ගෙවා කුඩාදරුවන් ලිංගිකව අපයෝජනයේ යෙදවීමට ලොවපුරා වසන සේවාදායකයින් හට ඉඩ සලසා දෙනු ලැබේ.

පසුගිය මාස කිහිපය තුළ ඇමරිකානු එෆ්බීඅයි සංවිධානය හා ඕස්ට්‍රේලියානු ඒෆ්පී සංවිධානය විසින් කාම්බෝජ පොලිස් නිලධාරීන් හට මෙම අපරාධ ක්ෂේත්‍රය පිළිබඳ පුහුණු වැඩමුළු මාලාවක් පවත්වන ලද්දේ ද එරට හට ගෙන පවතින මෙම ළමා අපචාර හා ජාවාරම් වල ප්‍රවණතාවක් දිනෙන් දින පෙන්නුම් කරන බැවිනි.  

කෙසේවෙතත්, වාර්තා වන අන්දමට ලිංගික අපයෝජන මර්දනය කිරීම සඳහා රහස් පරීක්ෂණ දියත් කිරීමට කාම්බෝජ නීති පද්ධතිය තුළ අවසර නොමැති අතර, මෙම ප්‍රභල නෛතික දෝශය බලධාරීන් එම අපරාධ මර්දනය කිරීමෙහි යෙදවීම පමා කරනු ලබයි. 

සමාජ මාධ්‍ය අලෙවිකරණ සමාගමක් වන “වී ආ සෝෂල්” ට අනුව, මෙම වසර ආරම්භයේදී කාම්බෝජ වැසියන් ගෙන් අවම හතරෙන් තුනකටවත් අන්තර්ජාල ප්‍රවේශය ලැබී ඇති අතර එය 2017 වර්ෂයේදී දී ජනගහනයෙන් 45% සිට ඉහළ ගොස් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි