×

වාර්ගික ගැටුම් හේතුවෙන් වසර තුනක් තිස්සේ පාසැල් වසා තිබෙන රටක්

.දරුවන් 600 000 කගේ අධ්‍යාපන කටයුතු අඩාලයි


රටේ පවතින වාර්ගික අර්බුදයන් වල ඉත්තන් බවට පත්වන්නට කැමරුන් හී පාසැල් සිසුන්ට සිදුව ඇත. ප්‍රංශ භාෂාවට මුල් තැන දෙමින් පවතින කැමරුන් රජය හා ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් සටන් කරන බෙදුම්වාදී කැරළි කණ්ඩායම් අතර මෙම වාර්ගික අර්බුදය පවතී.

බෙදුම් වාදී කණ්ඩායම් කණ්ඩායම් කැමරන් හී සාමාන්‍ය ජන ජීවිතයට හා රාජ්‍ය සේවාවන් අඩාල කිරීමේ කටයුතු වල නියැලෙමින් සිටින අතර කැමරුන් මේ වන විට සම්පූර්ණයෙන්ම හමුදාකරණයට පත්ව ඇත.

එරට ප්‍රදේශ කිහිපයකම පාසැල් වසා දමා මේ වන විට වසර තුනක් ගත වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පෙන්වා දෙයි. දීර්ඝ කාලයක් එසේ වසා තිබීම හේතුවෙන් පාසැල් වල මේ වන විටත් වල් බිහිවී ඒවා විනාශය වී ගෝස් තිබෙනු දැකිය හැකිය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා අරමුදල වන යුනිසෙෆ් සංවිධානය පවසන්නේ කැමරුන් හී ගැටුම් නිසා දරුවන් 600000 කගේ අධ්‍යාපන කටයුතු අඩාලව ඇති අතර එරට පාසැල් වලින් 80%ක් වසා දමා ඇති බවයි. මේ අතර ගැටුම් පවතින ඇතැම් ප්‍රදේශ වල පිහිටි පාසැල් 74ක් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවද යුනිසෙෆ් සංවිධානය පවසයි.

රජය පවසන්නේ පැසැල් දරුවන් කැරළි කරුවන්ගේ ග්‍රහණයට හසුවීම වළකාලීම සදහා පාසැල් පැවැත්වීමෙන් වැළකී සිටින බවයි. පසුගිය වසරේ එක් පැසැලක දරුවන් 80ක් සහ ඔවුන්ගේ ගුරුවරයා කැරළි කණ්ඩායම් විසින් පැහැර ගන්නා ලද අතර ඔවුන්ව නිදහස් කරන ලද්දේ දුෂ්කරතාවලින් පිරුණ සතියක කාලයකට පසුවයි.

කැමරුන් හී බහුතර ප්‍රදේශ වල වැසියන් ප්‍රංශ භාශාවද තවත් ප්‍රදේශ කිහිපයක වැසියන් ඉංග්‍රීසි භාෂාවද ප්‍රධාන භාෂාවන් ලෙස භාවිතා කරති. නමුත් එරට රජය 2016 වසරේ සිට පාසැල්වල ඉගෙනුම් භාෂාව සහ එරට අධිකරණ භාෂාව ලෙස ප්‍රංශ භාෂාවට මූලිකත්වය ලබා දීම මෙම ගැටුම් වල මූලික හේතුවයි.

ගැටුම් වළක්වා ගනිමින් දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට රජයට අවස්ථාව තිබියදී කැමරුන් රජය එය පැහැර හරින බව එරට සිවිල් වැසියන් විසින් චෝදනා කරනු ලබයි. වාර්ථා වන පරිදි සිවිල් වැසියන් දස දහස් ගණනක් මෙම ගැටුම් හේතුවෙන් මිය ගොස් ඇති අතර අවතැන් වී සිටින පිරිස 500 000කට අධිකය.

දරුවන්ට අධ්‍යාපනය අහිමිවී යාමට අමතරව ඔවුන්ව ළමා සොල්දාදුවන් ලෙස බදවා ගැනීමද මේ වන විට කැමරුන් ගැටුම් වල ඉත්තන් බවට දරුවන් පත් වී සිටීමට තවත් හේතුවකි.

රජයේ හමුදා විසින් සිය දෙමාපියන් මරා දැමූ බවට චෝදනා කරමින් බෙහෝ දරුවන් කරළි කණ්ඩායම් හා එක්වෙමින් සිටිති.

කැමරුන් රාජ්‍ය 1884 වසරේදී ජර්මනියේ යටත් විජිතයක් බවට පත් වූ අතර බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදා විසින් 1916 වසරේදී ජර්මන් හමුදා පළවා හැරිණ. ඊට වසර තුනකට පසු කැමරන් භූමියෙන් 80%ක් ප්‍රංශයටද 20%ක් බ්‍රිතාන්‍යටද බෙදී ගියේය. රටේ පිරිසක් ප්‍රංශ බස කථාකරන්නේද තවත් පිරිසක් ඉංග්‍රීසි බස භාවිත කරන්නේද ඒ අනුවයි.
ප්‍රංශය විසින් පාලනය කළ කැමරුන් රාජ්‍ය 1960 වසරේ අවසන් විය.

යුනිසෙෆ් සංවිධානය පවසන පරිදි මෙසේ පාසැල් දරුවන්ගේ අධ්‍යාපනය බිද වැටීම සමස්ත පරපුරකම අනාගතය බිද වැටීමට ප්‍රධානතම හේතුව බවට පත්වනු නිසැකය. කැමරූන් රජය මේ සදහා පියවර ගත යුතුමය. වසර තුනක් තිස්සේ ගැටුම් වලින් පීඩාවට ලක් වූ දරුවන්ට අඩුම තරමේ අධ්‍යාපනය සදහා ඉඩ ප්‍රස්ථාව හෝ නොලැබී යාමෙන් ඔවුන් ලෝකයේ අතරමංවූ පිරිසක් බවට පත් වනු නිසැකය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි