රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
කැනඩාව හා මෙක්සිකෝව විසින් ඇමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අමතර බදු පැනවීමට පියවර ගෙන තිබෙන අතර, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු පැනවීමට ප්‍රතිචාර දක්වමින් කැනඩාව හා මෙක්සිකෝව මෙම පියවර ගෙන ඇත.
කැනඩාව ඇමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක අමතර බද්දක් පනවන බව අග්‍රාමාත්‍ය ජෙස්ටින් ටෘෘඩෝ නිවේදනය කළ අතර, එහි සමස්ථ වටිනාගම දැක්වෙන්නේ ඇමෙරිකා ඩොලර් බිලියන 155ක් ලෙසයි.
මේ අතර මෙක්සිකෝ ජනාධිපතිවරයා ද ඇමෙරිකාවට එරෙහි නව බදු හදුන්වාදෙන බව නිවේදනය කර තිබෙන අතර, චීනයට ඇමෙරිකාව පැනවූ 10%ක අතිරේක බද්දට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ඔවුන් පවසයි.එමෙන්ම ලෝක වෙළෙඳ සංවිධානය හමුවේ ඇමෙරිකාවේ තීරණයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔවුන් පවසයි.
ඊයේ දිනයේ සිට කැනඩාවෙන් හා මෙක්සිකෝවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක අමතර බද්ධක් හා චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 10%ක බද්දක් පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළා.