×

නව අගමැති වරයෙකු තොරා ගැනීමට කැනේඩියානු ජනතාව පෙළගැසෙයි.. ටෘෘඩෝ යළිත් අගමැති වන ලකුණු

මෙවර පැවැතුනේ කැනඩාවේ 43 වන මහ මැතිවරණයයි.


සීබීසී පුවත් සේවය සහ සීටීවී මාධ්‍ය වාර්ථා වලට අනුව ජස්ටින් ටෘෘඩෝ ගේ ලිබරල් පක්ෂය මෙවර කැනඩාවේ මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය කුමන ආකාරයේ ස්වභාවයක් එනම් සුළුතරයක් හෝ බහුතර ආණ්ඩුවක් වේ ද යන්න තවමත් නිශ්චිත නැත.


මෙවර පැවැතුනේ කැනඩාවේ 43 වන මහ මැතිවරණයයි.

අග්‍රාමාත්‍ය ජෙස්ටින් ටෘෘඩෝ ගේ ලිබරල් පක්ෂය මෙවරත් මහමැතිවරණයට ඉදිරිපත් වූයේ සිය දෙවන ධුර කාලය සඳහා බලය ලබා ගැනීමටයි. මහමැතිවරණය සඳහා කන්සවේටිව් පක්ෂය එන්ඩීපී පක්ෂය මෙන්ම තවත් පක්ෂ 6ක් ප්‍රධාන වශයෙන් තරග තරග කරනු ලැබීය.

මැතිවරණයේ ජය තහවුරු කිරීම සදහා ඕනෑම දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තුවේ අසුන් 338 න් 170ක බලයක් ලබා ගත යුතුව තිබිණි.
දේශ පාලන විචාරකයන් පවසන්නේ 1972 වසරේදී අගමැති ධූරයට පත් වූ ජස්ටින් ටෲඩෝගේ පියා පියරේ ටෲඩෝ ගේ එවර ජයග්‍රහණයට සමාන ජයක් මෙවර ජස්ටින් ටෲඩෝද ගබා ගනු ඇති බවයි. එනම් සුළුතර ඡන්ද ප්‍රමාණයකින් ජය තහවුරු වනු ඇති බවයි.

1972 මැතිවරණයේදී පියරේ ටෲඩෝ ගේ ලිබරල් පක්ෂය ආසන 109 ක් දිනා ගත් අතර කොන්සර්වේටිව් පක්ෂ 107 ක් දිනා ගනු ලැබ තිබිණි.

මේ වන විට අනාවරණය වන ප්‍රතිඵල අනුව ටෲඩෝ ගේ ලිබරල් පක්ෂය ආසන 117 ක් දිනාගෙන ඇති අතර කොන්සර්වේටිව් පක්ෂයට 105 ක් හිමිව තිබේ.

මෙවර ටෘඩෝගේ ප්‍රතිවාදියා වූයේ කොන්සර්වෙටීව් නායක ඇන්ඩෘ ෂියර්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි