×

මෝර වරල් අලෙවිය තහනම් කරන G20 සංසදයේ පළමු රාජ්‍යය බවට කැනඩාව පත්වෙයි

සාගර ජීවය තුළ අවදානමට ලක්ව ඇති මත්ස්‍ය සම්පතක් වන මෝරුන් ආරක්ෂා කිරීම පිණිස, මෝර වරල් අලෙවිය තහනම් කිරීමට කැනඩාව පියවර ගන්නා ලදී.


සාගර ජීවය තුළ අවදානමට ලක්ව ඇති මත්ස්‍ය සම්පතක් වන මෝරුන් ආරක්ෂා කිරීම පිණිස, මෝර වරල් අලෙවිය තහනම් කිරීමට කැනඩාව පියවර ගන්නා ලදී.

මේ අනුව, G20 සංසදයට අයත් රාජ්‍යයන් අතර සාගර සංරක්ෂණ පියවරක් ගත් පළමු රාජ්‍යය බවට කැනඩාව පත්වෙයි.

ආසියානු කලාපයෙන් පිටත විශාලතම මෝර වරල් ආනයනය සිදුකරන ලද්දේ කැනඩාව විසිනි. කෙසේ වෙතත්, 1994 වර්ෂයේ සිට එම රාජ්‍යය තුළ ගෘහස්ත මෝර වරල් අලෙවිය නීතිවිරෝධීව පැවතිණි.   

මෝර වරල් යනු මිළ ඉතා අධික සුඛෝපභෝගී ආහාරයක් ලෙස සැලකේ.

සාගර මෝරුන් ගේ ජීවිත අවදානමට ලක්කිරීමට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ මෝර වරල් අලෙවියයි. සාගරයේ සෑම මෝරුන් 3 දෙනෙකු ගෙන් ම එක් අයෙකු මෝර වරල් අලෙවිය නිසා ජීවිත අවදානමට ලක්ව ඇති බව ඇස්තමේන්තු කොට ඇත..

මෝර වරල් අලෙවියේ දී බොහෝ විට ඉතා අමානුශික අන්දමින් මෝරුන් ඝාතනයට ලක්වන අතර, ගෝලීය මෝර ගහණ ප්‍රතිශතයට දැඩි අන්දමින් බලපා ඇත.  

මෝර වරල් අලෙවියේදී, මෝරකු පණ පිටින් සිටියදී වරල් කපා ගන්නා අතර, ඉතිරි ශරීර කොටස් විනාශ කර දමනු ලබයි.

මෙම සතියේ කැනේඩියානු පාර්ලිමේන්තුව පනතක් සම්මත කරමින් මෝර වරල් අලෙවිය, අපනයනය හා ආනයනය කිරීම තහනම් කරන ලදී. මෙමඟින් මෝර වරල් අලෙවිය සඳහා මෝර සම්පත විනාශ කිරීම ද තහනම් කරන ලදී.  

මෙම තීන්දුව නීති සම්පාදකයින් වසර ගණනාවක් පුරා වෙර යොදා ලද ජයග්‍රහණයක් බව කියවේ.  

2018 වර්ෂයේදී, කැනඩාව විසින් මෝර වරල් කිලෝග්‍රෑම් 148,000ක් ආනයනය කරන ලද බවට වාර්තා වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි